“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන ඇතුළු නිවාස ව්‍යාපෘතිවල සැලසුම් සහ වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලූ ජනපති අනුර!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW :

“තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන ඇතුළු නිවාස ව්‍යාපෘතිවල සැලසුම් සහ වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ අද (02)පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකඡාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්විය.

එහිදී, 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත සියලු නිවාස ව්‍යාපෘති නිසි කාල සීමාව තුළ අවසන් කර ජනතාවට පවරා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එමෙන්ම එම ව්‍යාපෘතිවල කටයුතු එක් ආයතනයක් යටතේ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. 2026 අයවැය ප්‍රතිපාදන යටතේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් රුපියල් මිලියන 10,200ක වියදමින් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිය සහ යුද ගැටුම් හේතුවෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 5000ක වියදමින් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතියේ සැලසුම්, වත්මන් තත්ත්වය සහ අවසන් කිරීමට නියමිත කාල රාමු පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී සමීපව නිරීක්ෂණය කළේ බව පැවසේ.

එමෙන්ම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ පෙර වසරවලදී වැඩ ආරම්භ කරන ලදුව, මෙතෙක් වැඩ අවසන් කර නොමැති නිවාස ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීම පිළිබඳවද අවධානය යොමු කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Korea Exim බැංකුවෙන් ඇ. ඩොලර් 50,000ක මානුෂීය ආධාර!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ජනවරම පාවා දෙන්න හදන්නේ. විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට විපක්ෂ විරෝධය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට ආණ්ඩුව ජනවරම පාවාදෙමින් 33%කින්...

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම්...