කීරි සම්බා මෙට්ට්‍රික් ටොන් 50,000 ක් ආනයනයට පියවර!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 01 කොළඹ (LNW): කීරි සම්බා මෙට්ට්‍රික් ටොන් 50,000 ක් ලබන 21 වැනි දාට පෙර ආනයනයට පියවර ගන්නා බව, අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය කියා සිටී.

එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේ, එම කාලය තුළ ඉන්දියාවෙන් සහල් ආනයනය අසීරු බවත්,එහෙත් එම කාලය තුළ යම් ප්‍රමාණයක් හෝ කීරි සම්බා සහල් මෙරටට ගෙන ඒමට උත්සාහ කරන බවයි.

එසේම ආනයනික කීරි සම්බා කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 235 ක මිලකට අළෙවි කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසා සිටියේය.

තවද, අද (02) හෝ හෙට (03) කීරි සම්බා සහල් තොගයක් මෙරටට ගෙන එන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

කීරි සම්බා කිලෝග්‍රෑම් 50,000 ක් මේ වනවිට ගෙන ඒමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවද අමාත්‍යවරයා සදහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්දින කණ්ඩායම මෙහෙයවීම යළි අසලංකට – දසුන් එක්දින කණ්ඩායමෙන් ඉවතට

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

IMF වෙතින් යළි සහතික වීමක්!

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා...

මංචි වොල්බෝලයේ බී කොටසේ ජාතික තරග පොතුපිටියේදී

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මංචි ජාතික වොලිබෝල් සූරතාවලියේ...

කෝටි 90ක් අයිස් සමඟ ලේනාගේ ගෝලයෙකුත් දැලේ!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග...