උතුරු මැද පළාත් සභාවට නව ප්‍රධාන ලේකම්වරයෙක්!

Date:

සටහන – තිසර සමල්

ජනවාරි 02,
අනුරාධපුර (LNW):ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය ලේකම්වරයා වශයෙන් කටයුතු කළ වරුණ සමරදිවාකර මහතා උතුරු මැද පළාත් සභාවේ නව ප්‍රධාන ලේකම්වරයා වශයෙන් පළාත් සභා සංකීර්ණයේ ප්‍රධාන ලේකම් කාර්යාලයේදී (01) දින රාජකාරී ආරම්භ කළේය

1965 වර්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ උපත ලැබූ සමරදිවාකර මහතා කුරුණෑගල මලියදේව මහා විද්‍යාලයේ සිප් සතර හදාරා 1984 වර්ෂයේ  කැලණිය විශ්ව විද්‍යාලයෙන් ජීව විද්‍ය ලබා ගත්තේය.

විශ්වවිද්‍යාලයෙන් පිටවීන් පසුව තම පළමු රැකියාව ලෙස ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ලිපිකරුවකු ලෙස කුරුණෑගල නිකවැරැටිය ශාඛාවේ සේවයට  එක් වූ අතර ඉන් ඉවත් වී ගුරුවෘත්තියට පිවිස කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ජීව විද්‍යා ගුරුවරයෙකු ලෙස සේවය කළේය.

1998 වසරේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වූ වරුණ සමරදිවාකර මහතා කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ සහකර ලේකම්වරයා වශයෙන් තම සේවය ආරම්භ කළේය ඉන්පසුව වයඹ පළාත් සභාවේ මහාමාර්ග හා පරිසර අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයා ලෙසත්, මධ්‍යම පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහකාර ලේකම්වරයා ලෙසත්, කොබේයිගනේ ප්‍රාදේශීය ලේකම්වරයා ලෙසත්, කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා ලෙසත්, කුරුණෑගල මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයාගේ ලෙසත් සේවය කළේය.

පසුව සංචාරක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙස පළාත් සභා සේවයට එක්වෙමින් මධ්‍යම පළාත් සභාවේ කර්මාන්ත  අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසත් සේවය කළේය

පසුව පසු සම්පත් හා ගොවිපළ සංවර්ධන අමාත්‍යංශය ලේකම්වරයා ලෙස එක්වූ අතර, ජල  සම්පාදන වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ද  උතුරු මැද ප්‍රධාන ලේකම්වරයා වශයෙන් පත් වන තුරු සේවය කළේය

2014 වර්ෂය ශ්‍රී ලංකා පරපලන සේවයේ විශේෂ ශ්‍රේණියට පත්වූ සමරදිවාකර මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් විප්ලෝමාව හා කැලණිය විශ්ව විද්‍යාලයෙන් ජෛව විවිධත්වය පිළිබඳ පශ්චාත් උපාධියද, සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියද ලබා ඇත. විවෘත විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ද, ඕස්ට්‍රේලියාවේ සංචාරක කර්මාන්තය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක්ද හදාරා ඇත.

විශේෂයෙන් පළාත් සභාවල විවිධ තනතුරු දරමින් පළාත් සභා ක්‍රමය පිළිබඳ විශාල දැනුමක් ලබා ඇති වරුණ සමරදිවාකර මහතා පශ්චාත් උපාධි ගණනාවක් ලබා ඇති විද්වතෙකි ජනවාරි 01 වනදා උතුරු මැද පළාත් රාජ්‍ය සේවයේ ප්‍රධානියා වන ප්‍රධාන ලේකම් ධූරයන් රාජකාරී ආරම්භ කිරීමට ලැබීම ඔහුගේ රාජ්‍ය සේවා දිවියේ විශේෂත්වයකි

සමරදිවාකර මහතාගේ පියා විජේරත්න ස සමරදිවාකර  මහතා වන අතර ඔහු හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකි මව ගුරු වෘත්තියෙහි නියැලුණු සෝමලතා රත්නායක මහත්මියයි

ප්‍රධාන ලේකම්වරයා රාජකාරී ආරම්භ කරන අවස්ථාවට ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් අභය ලක්ෂ්මිය හේවාපතිරණ මෙනවිය,  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි ජයසේකර මහත්මිය, ඇතුළු පළාත් අමාත්‍යංශ ලේකම්වරුන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් පාලන වන්නිනායම මහතා ඇතුළු නියෝජ්‍ය ප්‍රධනෙ ලේකම්වරුන් හා පළාත්භා සභා මාණ්ඩලික නිළධාරීන් සහභාගි වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CID සහ FCID ට අමතරව PCID නමින් අලුත් ඒකකයක්

සටහන - රුවන් නෙළුගොල්ල අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශනය කිරීම...

ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට !

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සියල්ලටම ප්‍රධාන වන්නේ ඔබගේ සිතුවිල්ලයි:සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර

ඔබට අවශ්‍යයවන්නේ මිනිසෙකුට අකමැතිවීමට පළමුව ඒ සදහා අවශ්‍යවන සිතුවිල්ලයි....

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!

රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති...