*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

SVAT යටතේ තේ කර්මාන්තශාලා අයිතිකරුවන් ලියාපදිංචි වීම අනිවාර්ය වේ!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 02 කොළඹ (LNW): සරල අගය එකතු කිරීමේ බද්ද (SVAT) යටතේ තේ කර්මාන්තශාලා අයිතිකරුවන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති බව ලංකා තේ මණ්ඩලය සඳහන් කරයි.

අද (02) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තේ දළු වෙන්දේසිය සම්බන්ධව විශේෂ සමාලෝචන රැස්වීමක් තේ මණ්ඩලයේ නිලධාරින් සමග පැවැත්වනු ලැබීය.

මෙම සරල අගය එකතු කිරීමේ බද්ද සඳහා තේ කර්මාන්ත ශාලා හිමියන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවීම හේතුවෙන් තේ දළු වෙන්දේසියේ (Tea Auction) ඇතිවන ප්‍රමාදවීම් වළක්වා ගැනීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්විණි.

තේ දළු වෙන්දේසිය සඳහා මෙවැනි සාමාන්‍ය ප්‍රශ්න උග්‍ර වෙන තෙක් නොසිට ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ලංකා තේ මණ්ඩලයට උපදෙස් දුන් අතර, දැනට තේ දළු වෙන්දේසි කරන ක්‍රමය වෙනුවට රටවල් ගණනාවක අනුගමනය කරන තේ දළු වෙන්දේසි කිරීමේ ක්‍රමයන් වන ඝෘජු වෙන්දේසි ක්‍රමය (Direct Auction) හා ඉදිරි ගිවිසුම් ක්‍රමයන්ට (Forward Contract) අනුව තේ දළු වෙන්දේසි කිරීම වහාම අරඹන ලෙසද පැවසීය.

අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතාට උපදෙස් දුන්නේ, මෙම ඝෘජු වෙන්දේසි ක්‍රමය හා ඉදිරි ගිවිසුම් වෙන්දේසි ක්‍රමය මෙම වසර තුළ ප්‍රවර්ධනය සඳහා සුදුසු වැඩ පිළිවෙළක් වහාම සකසන ලෙසයි.

සරළ කළ අගය එකතු කිරීමේ බද්ද සඳහා ලියාපදංචි වීම මත තේ කර්මාන්ත අයිතිකරුවන්ට විශේෂ සහන රැසක් හිමිවන බවත් එමනිසා ලියාපදිංචි හඳුනාගත් සැපයුම්කරුවන් (Registered Identified Suppliers) හා ලියාපදිංචි හදුනාගත් ගැණුම්කරුවන් ( Registered Identified purchasers) වැට් බද්දෙන් නිදහස් වන බව ද තේ මණ්ඩලයේ නිලධාරිහු සඳහන් කළහ.

එබැවින්, ලංකා තේ මණ්ඩලය අවධාරණය කළේ, සියලුම තේ කර්මාන්තශාලා අයිතිකරුවන් සරළ කළ අගය එකතු කිරීමේ බද්ද සඳහා ලියාපදිංචිවීම අනිවාර්ය කර ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan