*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

දකුණු කොරියාව බලා පිටත් වන 2024 පළමු කණ්ඩායම අද (02) දිවයිනෙන් යයි!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 01 කොළඹ (LNW): අද 02) UL 470 දරණ ගුවන් යානයෙන් 2024 වසරේ දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවූ පළමු කණ්ඩායම වශයෙන් ශ්‍රි ලාංකික තරුණයින් සිය දෙනෙකු (100) දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.

දකුණු කොරියානු රැකියා හිමිවූ 832 වන කණ්ඩායම මෙය වේ.

මෙම පිරිසට නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවී ඇති බව සඳහන් වේ.

ශ්‍රි ලංකා රජය හා දකුණු කොරියානු රජය අතර ඇතිකර ගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව මෙම රැකියා හිමි වේ.

2023 වර්ෂය තුලදී දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් 6412 දෙනෙකු පිටත් කර යැවීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හැකි වී ඇත.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙම අමාත්‍යධූරයේ රාජකාරි ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලාංකිකයින්ට වැඩි වශයෙන් දකුණු කොරියාවේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා එරට බලධාරීන් සමග සාකච්ඡා කරන ලදී.

ඒ අනුව එතෙක් මන්දගාමී ස්වරූපයක් ගෙන තිබූ කොරියානු රැකියා සඳහා පිටත්කිරීම, අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීමත් සමග එක් සතියකට කණ්ඩායම් කිහිපයක් පිටත් කිරීම ආරම්භ කරනු ලැබීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan