අපරාදෙ එයාට ඒ කතාව නොකියා ඉන්න තිබ්බෙ ….

Date:

කතරගම දේවාලය කියන්නෙත් දලදා මාළිගාව වගේම මේ රටේ බහුතරයක් ජනතාවගේ පූජනීය තැනක්.. මේ දෙකම ඇදහිලි නම් එකකට මල් අරන්ගිහින් අනෙකට අපහාසකරන එක වංචනික වැඩක්…

මිනිස්සු දේවාලවලට සල්ලි දුන්නට ආන්ඩුවට සල්ලි දෙන්න කැමති නෑ.. හේතුව මිනිස්සුන්ට මේ ආන්ඩු දේවාල තරම්වත් විස්වාස නැතිකම. ඉතිං ඒ පඬුරු විදියට එකතුවෙන සල්ලි සුබසාධන වැඩ වලට ගන්ට පුලුවන් විදිහ ඕක තමා..

අනිත් එක ආන්ඩුවේ දෘෂ්ඨිවාදයට කැමති වගේම අකමැතිත් දානපති ආයතනත් මේ රටේ තියෙනව..ඒ හැම කෙනෙකුටම ඒ සත්ක්‍රියාවට අවස්තාවල තියෙන ඕන.. රෝහල් වෛද්‍ය මණ්ඩලයත් සමඟ සාකච්චා නොකර කවුරුත් බලෙන් රෝහල් බිමේ ගොඩනැගිලි හදන්ට යන්නෙ නෑනේ..

ලංකාව වගේ රටවල් වල නෙමේ ඇමෙරිකාව වගේ මහා දියුණු රාජ්‍යයවල්වල පවා චැරිටි කියන ඒවා මහාපරිමානයෙන් ක්‍රියාවට නැංවෙනවා..ඒක ඒ අයගේ ආර්ථිකයේ අත්‍යාවශ්‍ය නියෝජනයක් ..එහෙම නැතිව මොනම රටකටවත් පවතින්න බෑ..

ව්ශේෂයෙන්ම ලංකාව කියන්නේ සැත්කමක් කරගන්න අවුරුදු ගනන් පෝලිමේ ඉන්න වෙන රටක් ..තාම හරියට බංකොලොත් ගඳවත් ගිහින් නැති රටක නලින්දට පුලුවන්ද ඒ ඔක්කොටම වැඩවලට ඇතිවෙන්ට ප්‍රතිපාදන දෙන්ට..

ලංකාව වගේ සදාසොත්ති රටවල් නෙමේ ලෝකයේ මහා දැවැන්ත රාජ්‍යටන් පවා රජය මැදිහත් වෙලා ඔක්කොටම සුබසාධන කරන්ට ගිහින් අන්තිමේදී කෙල උනාම සහකම්පනයෙන් ධනපරිත්‍යාග කලෙත් ලෝකේ හිටපු තනි තනි දානපතියොම තමා..

නලින්ද කියන්නේ ඒ කන්ඩායමේ අනෙක් අයට සාපේක්ෂව අවබෝධයෙන් කතාකරන කෙනෙක් .. අපරාදෙ එයාට ඒ කතාව නොකියා ඉන්න තිබ්බෙ ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...