වොෂින්ටනයේ  නව වසර උදාව මෙවරත් චාමෙට.”ක්ලීන් ශ්‍රී ලංකා” ප්‍රතිඥාව සමගින් වැඩ අරඔයි.

Date:

අශෝක ජයතුංග

ජනවාරි 03 වොෂින්ටන් LNW :

🍎රටේ නම හා ධජය ඉහළින් තබා ක්‍රියා කිරීම කාගේත් වගකීමයි.

2025 නව වසර උදාව තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මූලිකත්වයෙන් තානාපති පරිශ්‍රයේදී සුපුරුදු ලෙස චාම්ව සැමරනු ලැබිණ. ජාතික ධජය එසවීම තානාපතිවරයාගේ අතින් සිදු කෙරුණ අතර අනතුරුව ජාතික ගීය ගායනා කෙරිණ.

තානාපති පරිශ්‍රයේ බෞද්ධ මන්දිරයට මල් පහන් සුවද දුම් පුදා බුද්ධ පූජාව පිරිනැමීමෙන් පසුව ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රතිඥාව සියලු දෙනා විසින්ම ලබා දුන්නේය.

අනතුරුව පිරිස ඇමතූ තානාපති සමරසිංහ මහතා ; ජනතාව පත්කල නව පාළන තන්ත්‍රයට හා රටට පක්ෂපාතීව මෙන්ම රාජකාරියට එහා ගිය වගකීම් ඉටුකිරීම කාගේත් පරම යුතුකම බව  පෙන්වා දුන්නේය.

“වොෂින්ටනයේ සිටින ඇමෙරිකානු ජනපති උප ජනපති හා ආණ්ඩුව මෙන්ම මෙහි ස්ථාපිත IMF, ලෝක බැංකුව,US Aid ඇතුළු සියලු අංශ සමග අප සමීපව කටයුතු කරනවා. ලෝක බැංකු ප්‍රධානියා වන අජේ බංගා මහතා සමඟ කළ සාකච්ඡාවකින් පසුව එහි  දකුණු ආසියාව බාර ප්‍රධානී පරම්මයියා මහතා ලංකාවේ ජනාධිපතිතුමා සමග සම්බන්ධ කිරීමට අප ක්‍රියාකලා. එම හමුවේ ප්‍රතිළුලයක් ලෙස ජනාධිපතිතුමාගේ “ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය” ලෝක බැංකුවේ ඉහළ අගැයුමට පාත්‍ර වුණා.ලංකාවේ වැඩ සටහනට ලෝක බැංකුවේ උපරිම සහාය ලබාදීමට එකඟ කරවා ගැනීමට හැකිවීම ද විශාල ජයක්” තානාපති සමරසිංහ මහතා  පෙන්වා දුන්නේය.

“විශේෂයෙන් රටේ ආකල්පමය වෙනස සමඟ සමාජමය, පාරිසරික හා ආචාරශීලී බව මූර්තිමත් කොට ලංකාව නිවැරදි පාරක ඉදිරියට ගෙනයාම ක්ලීන් ශ්‍රී ලංකා හි අරමුණයි. නාස්තිය දූෂණය නැති, නීතියේ ආධිපත්‍ය පතුරන, මානව හිමිකම් රැකෙන, රටත් ජනතාවත් සෞභාග්‍ය කරා ගෙන යාම මේ හරහා සිදු වෙනවා.ඒ තුළින් ජනතාවට වගකියන වඩාත් නිවැරදි ක්‍රමවේදයක් රටතුළ ස්ථාපිත වෙන අතර ඒ හරහා ශ්‍රී ලංකාවට ඉක්මනින් තම සංවර්ධන අරමුණු කරා යාහැකි බව ද තානාපතිවරයා පෙන්වා දුන්නේය. සෙසු සියලු කටයුතු වල දී මෙන්ම ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහනේදී ද වොෂින්ටන් තානාපති කාර්යාලය ආදර්ශමත් “මොඩලයක්” ලෙස ක්‍රියා කිරීමට කැපවීමත් අවශ්‍යයි.  සියලු සේවකයන් රාජකාරි හෝ ඉන් භාහිරවත් කටයුතු කරනවිට රටේ නම හා ධජය ඉහළින්ම තබා ක්‍රියා කළ යුතුයි. මන්ද  රටේ ප්‍රතිරූපය අඩු වැඩිවීමේදී එම හැසිරීම් තදින් බලපාන බව ද තානාපති මහින්ද සමරසිංහ මහතා පෙන්වා දුන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...