දකුණු කොරියාවේ ජනාධිපති නාඩගම

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දෝෂාභියෝගයට ලක් වූ ජනාධිපති යූන් සුක්-යෙයෝල් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් දකුණු කොරියානු පොලිසිය හා ජනාධිපති ආරක්ෂක කණ්ඩායම සමඟ පැය ගණනක් පැවති ගැටුමකින් පසු අත්හිටුවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ගැටුමින් අනතුරුව දූෂණ විමර්ශන කාර්යාලය (CIO)නිවේදනය කර තිබුණේ,මේ සම්බන්ධ සමාලෝචනයකින් පසු ඉදිරි පියවර තීරණය කරන බවයි.

දෙසැම්බර් 3 වැනි දින කෙටි යුද නීතිය පැනවීම හා සම්බන්ධ යැයි කියන කැරැල්ල සහ බලය අයුතු ලෙස භාවිතා කිරීම පිළිබඳ විමර්ශනයක කොටසක් ලෙස එරට අධිකරණය විසින් යූන් සුක්-යෙයෝල් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරණ ලද අතර වරෙන්තුව අවසන් වීමට පෙර යූන් අත්අඩංගුවට ගැනීමට විමර්ශකයින්ට ජනවාරි 6 දක්වා කාලය තිබේ.

කෙසේ නමුත්, අධිකරණය විසින් වරෙන්තු නිකුත් කිරීමත් සමඟ දින ගණනාවක් තිස්සේ ජනාධිපති නිල නිවස ඉදිරිපිට යූන්ගේ ආධාරකරුවෝ ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් කඳවුරු බැඳගෙන සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාපන්දුවෙන් වැඩකිඩ දැමූ ඩේවිඩ් බෙකම්ට නයිට් පදවියක්!

සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW):  ඩේවිඩ් බෙකම් හට...

මාලිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි කොලොන්න කොලොන්න ප්‍රාදේශීය සභාවේ...

ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය බ්‍රිතාන්‍යයේ පැසසුමට!

ඕවින්දි විෂ්මිකා නොවැම්බර් 06, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය...

සැමියාට සහ පුත්‍රයාට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ NPP මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි!

කොළඹ LNW:සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාළ...