අවශ්‍ය නම් මා ඉවත් කරන්න – තිස්ස අත්තනායකගෙන් බරපතල අනතුරු ඇඟවීමක්!

Date:

පක්ෂයට අදාළව ගනු ලබන වැදගත් තීරණ කිසිවක් පක්ෂයේ ප්‍රධාන තනතුරු නියෝජනය කරන කිසිවෙකු හෝ නොදන්නා බවත්, ඒවා පක්ෂයේ තනතුරු නොදරන පුද්ගලයින් විසින් ගනු ලබන බවත්, සමගි ජනබලවේගය පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් තිස්ස අත්තනායක මහතා හෙළිකර තිබෙන්නේ ,මෙම තත්වය දිගින් දිගටම පැවතිය හොත් පක්ෂයේ පිරිසක් පක්ෂයෙන් ඉවත්ව යාමේ අවධානමක් ඇති බවයි.

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර පත් කිරීම පවා පක්ෂයේ ප්‍රධානීන් කිසිවෙකු හෝ නොදැන සිටි බවත් , එහි අවසාන වගකීම පක්ෂ නායකයා සහ මහලේකම් වරයා විසින් ඔවුන්ගේ පිටට පවරා ගත්තේ ඇයි ද යන්න තමන්ට විශාල ගැටළුවක් බවත් ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම සමගි බල සන්ධානය ලෙස එක්වූ පක්ෂ සමඟ අත්සන් තැබූ බව පැවසෙන කිසිදු ගිවිසුමක් හෝ එකඟතා ලියවිල්ලක් පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස තමන්වත් ඉහළ නිලධාරීන් කිසිවෙකුවත් දැක නොමැති බවත් ඔහු මෙහිදී සඳහන් කර තිබීම විශේෂත්වයක්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...