දේශද්‍රෝහී චෝදනාවට ලක්වූ හින්දු නායකයාට ඇප ලබාදීම බංග්ලාදේශ අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ සුළු ජාතික කණ්ඩායම්වල ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින හින්දු නායකයකු වන ක්‍රිෂ්ණා දාස් ප්‍රභූ වෙත ඇප ලබාදීම බංග්ලාදේශයේ චැටෝග්‍රාම් උසාවිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

39 හැවිරිදි ප්‍රභූ අත්අඩංගුවට ගනු ලැබුවේ චැටෝග්‍රාම් හි පැවති රැලියක් අතරතුර බංග්ලාදේශ ධජයට අගෞරව කිරීම සහ දේශද්‍රෝහී චෝදනාවලට මුහුණ දීම සම්බන්ධයෙන් ය. නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේ දැඩි ආරක්ෂාවක් යොදා තිබූ අතර, පොලිසිය සහ සෙබළුන් අධිකරණයේ ආරක්ෂාවට යොදවා තිබුණි.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී වසර 16කට ආසන්න කාලයක් රට පාලනය කළ අගමැතිනි ෂීක් හසීනාගේ රජය පෙරලා දැමීමෙන් පසු ෂික් හසීනා ඉන්දියාවට පලාගොස් එහි රැකවරණය ලැබීම හේතුවෙන් බංග්ලාදේශයේ හින්දු භක්තිකයන්ට එරෙහිව ප්‍රහාර සිය ගණනක් සිදු වූ බව හින්දු කණ්ඩායම් චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ හින්දුන් සිය විරෝධය ප්‍රකාශ කර තිබු අතර ඉන්දීය රජය මුහම්මද් යුනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්වාර රජයෙන් දිගින් දිගටම ඉල්ලා තිබුණේ සුළු ජාතීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලයන්ස් හයවන පිම්ම ඕමානයට

නිශ්මං රණසිංහ අගෝස්තු 05, කොළඹ LNW: ශ්‍රී ලයන්ස් කියන්නෙ ලංකාවෙන් පිට...

පේරු හි සිත් ගත් “Inca Kola”

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කොකා-කෝලා වඩාත්ම ජනප්‍රිය...

පොලිස් ඇමති දේශබන්දුට ගහපු ගැහිල්ල!

කොළඹ LNW:දේශබන්දු තෙන්නකෝන් මහතා මේ රටේ බිහිවූ අපකීර්තිමත්ම පොලිස්පතිවරයා...