වෑල් මාරු වී ඇත්තේ ගෑස්වල නෙවේ, ආණ්ඩුවේ යි – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

වෑල් මාරු වීමක් නිසා ගෑස් ප්‍රශ්නය තව සති කිහිපයකට විසඳන්න බැරි බව ආණ්ඩුවේ නියෝජිතයින් පවසන නමුත් ඇත්ත වශයෙන්ම මාරු වී ඇත්තේ ගෑස්වල වෑල් නොව, ආණ්ඩුවේ වෑල් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එනිසා වහාම කළ යුත්තේ වෑල් මාරු වූ ආණ්ඩුව පලවා හැරීම නොවේදැයි ඒ මහතා ජනතාවගෙන් විමසා සිටියේය.

ගෑස් ඛේදවාචකය ආරම්භ වුණු දිනයේ සිටම මේ පිළිබඳව සියලු තොරතුරු විපක්ෂය හැටියට සමගි ජන බලවේගය රටට හෙලිදරව් කළ බව කී විපක්ෂ නායකවරයා අදාල විෂයභාර අමාත්‍ය අමාත්‍යවරුන් දෙපළ ඇතුළු මුළු ආණ්ඩුවම එදා ඒ පිළිබඳව උත්තර නොදී පලා ගිය බව ද සිහිපත් කළේය.

ගෙවල් පුපුරන, කුස්සි ගිනි ගන්න, ජීවිත අහිමි වන බරපතළ බරපතළ ඛේදවාචකයක නිර්මාතෘවරුන් දෙදෙනා වන්නේ විෂයභාර අමාත්‍යවරුන් බව පැවසූ විපක්ෂ නායකවරයා එදා ඔවුන් දෙදෙන බොරු කී බවත් අද ඔවුන් දෙදෙනා වෙනුවෙන් ගෑස් සමාගමේ සභාපතිවරයා බොරු කියන්නට ඉදිරිපත් වී ඇති බවත් පෙන්වා දුන්නේය.

ආණ්ඩුවක් පත් වන්නේ ජනතාව ආරක්ෂා කිරීමට බවත් අවාසනාවට ලංකාවේ ආණ්ඩුව ජනතාව නොමරා මරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.ඒ අනුව ගත් විට වර්තමාන ආණ්ඩුව ජන ඝාතක ආණ්ඩුවක් බව කී ඒ මහතා ජනතාවගේ දුක කඳුල වේදනාව ආණ්ඩුව මායිම් නොකරන බව ද ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම් හරහා මළමිනී මතින් බලයට ආ මේ ආණ්ඩුව කිසිවිටකත් ජනතාවගේ ප්‍රශ්න අබියස සංවේදී වූයේ නැති බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ජනතාවට දරාගන්නට බැරි පීඩනය අභියස රට කරවන ඇත්තන් ට එරෙහිව ජනතාව තමන්ගේ කෝපය ප්‍රකාශ කරන්නේ කරන්නේ හූ කියමින් බව පැවසූ විපක්ෂ නායකවරයා, ලැජ්ජාවට කරුණ වන්නේ ආණ්ඩුව ඔවුන් පසුපස හඹා ගොස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන්නට තරම් පහත් මට්ටමට වැටීම යයි ද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සම මාධ්‍ය ප්‍රකාශක එස්. එම් මරික්කාර් මහතාගේ කොලොන්නාව ආසනයේ ඡන්ද පොළ නායක නායිකාවන් පත් කිරීමේ අවස්ථාව ඊයේ (02) එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මගේ වත්කම් හංගන්න දෙයක් නෑ. නීතිඥවරයෙක් විදිහට වැඩකරලා ටැක්ස් පවා ගෙව්වා – නාමල්

කොළඹ LNW:තමන්ගේ වත්කම්වල සැඟවීමට දෙයක් නොමැති නමුත් නිර්දන පන්තිය...

බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්!

කොළඹ LNW: මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර...

මකන්න හදන්න එපා,සුමේධ තවත් ඇඳ ඉවර නැති සිතුවමකි.

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: හෙල්ල වීසි කිරීමේ ඉසව්වකදී හෙල්ලයේ පියාසැරි...

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරයි!

කොළඹ LNW: අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී...