Saturday, June 3, 2023
spot_img

Latest Posts

කොවිඩ් මරණත් අභිබවා යන රිය අනතුරු මරණ – ඊයේත් මරණ 15 ක්

ඊයේ (02) දිනයේදී රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 15 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා. ඊයේ දිනයේදී සිදු වූ අනතුරුවලින් 12 දෙනෙකු මියගොස් ඇති අතර සෙසු තිදෙනා මීට ඉහතදී සිදු වූ අනතුරුවලින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

මේ අතර නව වසර ආරම්භ වූ පෙරේදා දිනයේදී රිය අනතුරු හේතුවෙන් අහිමි වූ ජීවිත ප්‍රමාණය 18 කි. ඒ අනුව නව වසරේ ගත වූ දින දෙක තුළදී පමණක් රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 33 දෙනෙකු මියගොස් තිබේ.

දෙසැම්බර් 25 වැනිදා සිට මේ දක්වා රිය අනතුරු හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයන්ගේ ප්‍රමාණය 86 කි. මෙම අනතුරුවලින් බහුතරයක් රියදුරන්ගේ නොසැලකිල්ල හේතුවෙන් සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සිදුවන මරණ ප්‍රමාණය ක්‍රමයෙන් පහළ යද්දී රිය අනතුරු හේතුවෙන් මියයන ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.