Saturday, October 8, 2022

Latest Posts

දෙවුන්දර තුඩුව සිට පේදුරු තුඩුව දක්වා එකම ගොවි බිමක් කිරීම අපේ රජයේ අරමුණයි

දෙවුන්දර තුඩුව සිට පේදුරු තුඩුව දක්වා එකම ගොවි බිමක් කිරීම අපේ රජයේ අරමුණයි.

සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක (1916~ 2000)ශ්‍රී ලංකා ජනරජයේ අග්‍රාමාත්‍ය 1974 යාපනයේ චුන්නාකම් හීදී …

කාන්තා වරලස පාවඩ කරගනිමින් ඒ මතින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වේදිකාව මතට කැඳවාගෙන යාමට යාපනයේ දමිළ ජනතාව ගත් උත්සාහය. 1970 පැවැති මහමැතිවරණයෙන් පසුව දෙවැනි වරටත් අග්‍රාමාත්‍ය තනතුරට පත්වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1974වසරේ යාපනයට ගොස් ඇත්තේ චුන්නාකමිහී ගොවිපොළක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වීමටය. යාපනය ගොවිබිම විවෘත කිරීමට ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් සහභාගිවීමට ගිය සිරිමාවෝ මැතිනිය පිළිගෙන වේදිකාව වෙත කැඳවාගෙන යාමට සුදානම් වී ඇත්තේ ද්‍රවිඩ කාන්තාවන් පිරිසකගේ දිගු වරලස පාවඩකරගනිමින් මෙවැන්නක් කිරීමට සංවිධායකයන් කටයුතු කර තිබුණේ ඇය යාපනයේ පොඩි ජනතාව නගා සිටුවීමට කළ මහා මෙහෙයට ගෞරවය දැක්වීමක් වශයෙනි. වේදිකාවට යා යුතු මාර්ගය දෙපස බිම දිගාවී දිගු වරලස මාර්ගයට මුදාහැර සිටින කාන්තාවන් දුටු මැතිනියගේ දෙනෙතින් කඳුළු කැට කඩා වැටී ඇත. කාන්තාවන්ගේ වරලස මතින් ගමන් කිරීමටමැතිනිය ප්‍රතික්ෂේප කර එම කාන්තාවන්ටනැගිටින ලෙස කාරුණික ඉල්ලීමක් කර තිබේ.මැතිනිය වේදිකාවට ගොඩවීමට ගොස් ඇත්තේමුනිත්තලාවී සිටි කාන්තාවන් නැගිට ගියපසුවය. අතිශය විරල මේ සිද්ධිය එදා සියැසින්දුටුවේ විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි කේ.එම්. එස්. බෝවල මහතාය.

මේ සිද්ධිය වන කාලයේ බෝවල මහතා සිටියේ පොලිස් කොස්තාපල් නිලයේය.මධ්‍යම කඳුකරයේ කොටි ක්‍රියාකාරකම් මැඩලීමට සුවිශේෂි මෙහෙයක් කර ඇති බෝවල මහතා ඒ නිසාම පොලිස්පති ප්‍රශංසා ගණනාවක් හිමිකරගෙන සහකාර පොලිස් අධිකාරී නිලයට ද උසස්වීම් ලබා විශ්‍රාම ගියේය. කාන්තා වරලස පාවඩ කරගනිමින් ඒ මතින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වේදිකාව මතට කැඳවාගෙන යාමට යාපනයේ දමිළ ජනතාව ගත් උත්සාහය ගැන විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී කේ.එම්.එස්. බෝවල මහතා සිය මතකය අවදිකරමින් මෙසේ පැවසීය.1974 වසරේ මම රාජකාරී කළේ ගල්කිස්සපොලිස් අධිකාරී කොට්ඨාසය යටතේ පාලනයවන කහතුඩුව පොලිසියේ. ඒ වෙනකොට මමපොලිස් කොස්තාපල් කෙනෙක්. විශේෂ රාජකාරි කටයුත්තකට යාපනයට යන ලෙස මට ඉහළ නිලධාරීන්ගෙන් නියෝගයක් ලැබුණි. මේ විශේෂ රාජකාරියට යාමට ගල්කිස්ස කොට්ඨාසයේ තවත් පොලිස් නිලධාරින් හය දෙනෙකුට නියෝග ලැබී තිබුණි.“කොළඹ කොටුවේ සිට යාපනය බලා යනයාල කෝච්චියෙන් අවි ගත් හයදෙනාම යාපනයබලා පිටත්ව ගියා. අපට පැවරි තිබුණ රාජකාරියවූයේ එවකට අග්‍රාමාත්‍යවරියව සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් චුන්නාකම් ප්‍රදේශයේ තිබෙන ගොවිපොළක් විවෘත කිරීමේ උත්සවයකට ආරක්ෂාව සැලසීමටයි. තවත් පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ආරක්ෂක රාජකාරි සඳහා කැඳවා තිබුණා. උත්සව භූමිය අතුරු සිදුරු නොමැතිව ජනතාවගෙන් පිරීගොස් තිබුණා. එහි වේදිකාවක්ද තනා තිබුණා. ඒ වේදිකාවට යන මග දෙපස දිගුවරලස් තියෙන දමිළ තරුණියන් සහ කාන්තාවන් 200ක් පමණ සාරිඇදගෙන පෙළ ගැසී සිටිනවා මා දැක්කා. මද වේලාවකින් හින්දු සංස්කෘතික අංග අනුව බෙර හා නළා වාදනය කරමින් මැතිනිය වේදිකාව වෙත කැඳවාගෙන යාමේ පෙරහර ආරම්භ කළා. මැතිනියගේ දෙපසින් එවක යාපනය නගරාධිපතිවරයාට සිටි කොටින් විසින් මරාදැමූ ඇල්ෆ්‍රඩ් දොරේ අප්පා සහ තැපැල් ඇමැතිවරයාව සිටි කුමාර සූර්යර් යන මහත්වරු ගමන් කළහ. මැතිනියට ආරක්ෂාව සලසමින් ඇයගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීයා වූ පොලිස් අධිකාරී ඉඹුල්දෙණිය මහතා ද ගමන් කළා මට මතකයි.

බණ්ඩාරනායක මැතිනිය කාන්තාවන් හාතරුණියන් පෙළගැසී සිටි ස්ථානයට ළඟාවෙනවාත් එක්කම ඒ සියලු දෙනා මාර්ගයේමැදට මුහුණලා මුනින් අතට වැතිරි සිය දිගුවරලස් මාර්ගය මැදට මුදාහැරියා. මෙවැන්නක්කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයක් බවමැතිනියගේ ඉරියව්වලින් පෙනෙන්නට තිබුණා ඇය පුදුමයට පත්ව සිටියා. ඇය ඉදිරියට ගමන්කිරීම නැවැත්තුවා. කඳුළු පිරිනු දෙනෙතින් ඒ වෙලාවේ තැපැල්ඇමැතිවරයාවූ කුමාරසූරියර් මැතිනියගේ කනට යමක් කොඳුරාකිවා. ඉන්පස්සේ මැතිනියගේ ඇස් දෙකෙන්කඳුළු කඩා වැටෙනවා මම පැහැදිලිවම දැක්කා පසුව මැතිනිය ලේන්සුව අරගෙන ඇස්පිහදනවාද දුටුවා. මැතිනියගේ දැනුම්දීමක් අනුව එසේ පාරට වරලස මුදාහැර මුනින්තලාවට වැටී සිටී කාන්තාවන් හා තරුණියන් සියලු දෙනා නැගිට්ටා. ඔවුන් මැතිණියට ආචාර කලා..ඊට පස්සේ මැතිනිය වේදිකාවට ගොඩවීමටආවා.

මේ වෙච්ච දේවල් ගැන මා පුදුමයට පත්ව සිටිනවා දුටු සුදු වේට්ටියක් හැඳගත් කෙනෙක් මගේ ළඟට ආවා. රාලහාමි දන්නවාද අපේ බවලත්තු එහෙම කළේ ඇයි කියා විමසුවා. මේ වෙස්වළා ගත් බුද්ධි අංශ නිලධාරීයෙක් කියා මා සැකකර ඔහුත් එක්ක කතාබහට ගියේ නැත. රාලහාමි බය වෙන්න එපා. මම නුවරඑළියේ තැපැල් අධිකාරී කියා ඔහු පැවසුවා. ඒ තැපැල් අධිකාරී මහත්තයාගේ නම දැන් මගේ මතකයේ නැහැ.සිරිමාවෝ මැතිනියගේ රජය පිටරටින් අල ලුනුමිරිස් මිදි වැනි මෙරට වගාකල හැකි දෑ,ගෙන ඒම නැවැත්තුවා. ඒ නිසා යාපනයේ ජනතාවගේ අතමිට යහමින් සරු වුණා මෙන්න මේ වැඩපිළිවෙළට ගරු කිරීමක් වශයෙන් හින්දු චාරිත්‍ර වලට අනුකූලව දිය හැකි උපරිම ගෞරවය සහ ආචාරය මෙය බව තැපැල් අධිකාරිවරයා මාත් එක්ක පැවසුවා . මැතිනියට උත්තමාචාරයක් ලෙසින් තමයි මේ විදිහට වරලස් මතින් මැතිනියව ගමන් කිරීමට උත්සාහ කර තිබෙන්නේ යැයි විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී බෝවල මහතා පැවසීය.මැතිණිය උත්සවයට පැමිණි ජනකාය ආමන්ත්‍රණය කරමින් දෙවුන්දර තුඩුව සිට පේදුරු තුඩුව දක්වා එකම ගොවි බිමක් කිරීමඅපේ රජයේ අරමුණ බවත් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවත් අවශ්‍ය සහය ඉන්දිරා ගාන්ධි මැතිනිය ප්‍රමුඛ ඉන්දීය රජයෙන් ලැබෙන බවත් ප්‍රකාශ කල අතර සිටි ජනතාව මහ හඬින් ඔල්වරසන් දීමට පටන් ගත්තේය -ලංකාදීප පුවත්පත ආශ්‍රයෙනිබෙදුම් වාදීන්ගෙන් ගලවාගෙන යාපනය දිනිය යුත්තේ මෙලස බවට මැතිනිය උදාහරණ සමග පෙන්වාදී ඇති අතර වර්තමාන නායකයන් ඇගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාම සිදුකලහොත් ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් වීමේ සිහිනය වැඩි ඈතක නොවේ.එදා එම අගනා වැඩ පිලිවෙල ජේ. ආර්. නරැමයා පැමින සහමුලින්ම විනාශ කලා. මැතිනියගේ ප්‍රජා අයිතිය පවා අහිමිකලා..රට අද පවතින තත්වයට ගෙන ඒමට ජේ. ආර්. ගේ මෙම පලිගැනීමද හේතු වූවා..අවංකවම මැතිණිය අතිනුත් වැරදීමි සිදුවුනා. එහෙත් ඇය රට ස්වයංපෝෂිත කිරීමට ගත් පරිශ්‍රමය විනාශ නොකරන්නට එල්. ටී. ටී. යක් බිහිවන්නේ නැත…ඇය සාර්ථකව රට ගෙනයමින් සිටියදී 1971 දී කුල පීඩනය පසුබිමි කරගෙන ඇතිවූ ජවිපේ තරැණ කැරැල්ලද ⁣ඇති නොවුනානමි අද මෙි ඇතිවූ තත්වය ඇති නොවන්නටද හේතුවිය හැකිව තිබුනා..

Sponsored Article
පරාක්‍රම බස්නායක.
හිටපු රේගු අධ්‍යක්ෂ.
නීති හා නීති කටයුතු පිළිබද අධ්‍යක්ෂ..
රැන්සමි ලංකා…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.