කුවේට් එයාර්වේස් ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සබඳතා අත්හිටුවයි

0
666

කුවේට් එයාර්වේස් ගුවන් සමාගම ශ්‍රී ලංකාව සමග සිදුකළ ගුවන් ගමන් සබඳතා අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ගුවන් සබඳතා අත්හිටුවන බව ප්‍රකාශයට පත්කර ඇති නමුත් ඒ කුමන හේතුවක් මතද යන්න මෙතෙක් අනාවරණය කර නොමැත.

මෙම ගුවන් සේවයට අයත් ගුවන් යානා සතියකට දෙවරක් ශ්‍රී ලංකාව වෙත පැමිණියේය.

කලාපයේ සෙසු ගුවන් සේවාවටල සාපේක්ෂව, මෙරටට පැමිණීමේදී කුවේට් එයාර්වේස් වැඩි මුදලක් අය කරන අතර එමනිසා කුවේට් එයාර්වේස් භාවිතා කරන ගුවන් මගීන් සංඛ්‍යාව අවම වේ. ගුවන් සමාගමේ තීරණය සඳහා එයද හේතුවක් වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ කුවේට් එයාර්වේස් ගුවන් ගමන් අත්හිටුවා තිබෙන්නේ ඔවුන්ගේ ආයතනයේ ගැටලුවක් මත බවයි. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඩොලර් අර්බුදය හෝ වෙනත් ගැටලුවක් ඒ සඳහා හේතු වී නොමැති බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ රෙහාන් වන්නිඅප්පා මහතා පවසන්නේ.

මෙය තාවකාලික අත්හිටුවීමක් පමණක් බවද වන්නිඅප්පා මහතා සඳහන් කරනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here