දෙහිවල මුහුදේ කරදිය කිඹුලකුට හසුවූ පුද්ගලයකු මියයයි! (VIDEO)

Date:

අද (03) දින දෙහිවල ප්‍රදේශයේ මුහුදු සීමාවේ කිමිඳුම් කරමින් සිටි පුද්ගලයකු කිඹුලකුට හසුව මිය ගිය බවට වාර්තා වෙයි.

මරණයට පත්ව ඇත්තේ 52 හැවිරිදි තිදරු පියෙකු වන අතර, දෙහිවල මුහුදේ කිමිඳුම් කරමින් සිටියදී කිඹුලකුගේ ප්‍රහාරයට ලක්ව ඇති බවට පොලීසිය පවසයි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ.

ප්‍රහාරය දියත් කර තිබෙන්නේ කරදිය කිඹුලකු විසින් වන අතර, මේ වන විට අත්තිඩිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම සත්ත්වයා ඇල්ලීම සඳහා සෝදිසි මෙහෙයුම් දියත් කර ඇති බවට වාර්තා වෙයි.

ප්‍රහාරය එල්ල කළ කිඹුලා අඩි 14ක් පමණ දිගැති සත්ත්වයකු බවයි සිදුවීම ඇසින් දුටුවන් පැවසූයේ.

කිඹුල් ප්‍රහාරයෙන් මරණයට පත් පුද්ගලයා සමඟ කිමිදුම්කරුවන් කිහිපදෙනෙකුම මුහුදු සීමාවේ සිට ඇති අතර, ප්‍රහාරය සිදුවූ මොහොතේ අනෙකුත් කිමිඳුම්කරුවන් ඔවුන් රැගෙන ආ බෝට්ටුව වෙත ඔසවා තබා ඔවුන්ගේ දිවි ගලවා ගැනීමට අසල ධීවරයන් සමත්ව ඇත.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැකෝ සමන් සහ තැඹිලි ළහිරු ගැන අධිකරණය ගත්ත තීන්දුව!

කොළඹ LNW:ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් සිටින සංවිධානාත්මක අපරාධ...

එජාපයෙන් සමඟියට ගිය අයට පැනවූ තහනම ඉවතට!

කොළඹ LNW:සමගි ජන බලවේගයට එක්වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු...

කහ සහ ඉගුරු වගාවටත් හොද කාලයක්!

කොළඹ LNW:වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු...

අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සම්පත් මනම්පේරි අධිකරණයට භාරවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය ප්‍රදේශයේදී...