ස්වාධීන රූපවාහිනියේ නව සභාපති නිරෝෂන් ප්‍රේමරත්න

0
639

ස්වාධීන රූපවාහිනී ආයතනයේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පත්කර තිබෙනවා. අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදුකර තිබේ.

මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ ප්‍රේමරත්න මහතා පසුගිය මහ මැතිවරණයේදී පරාජයට පත්විය.

දේශපාලනයට පැමිණීමට පෙර ඔහු ස්වාධීන රූපවාහිනී ආයතනයේ නිවේදකයෙකු ලෙස වසර ගණනාවක් සේවය කළේය. ඒ අනුව යලිත් ඔහුට සිය පැරණි සේවා ස්ථානයට පැමිණීමට හැකියාව ලැබී තිබෙනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here