අපේක්ෂා කළ මට්ටමට වඩා ආර්ථික වර්ධනයක බලාපොරොත්තුවක්!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවට ගොදුරු වූ රට යළි ගොඩනැංවීම සදහා විශාල මුදලක් රජය වෙන් කර තිබෙන බැවින් මේ වසරේ ආර්ථික වර්ධනය අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළ යා හැකි බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඒ අනුව 2026 වසර සදහා ආර්ථික වර්ධනය 4% ත් 5% ත් අතර අගයක් ගනු ඇතැයි ඔහු පුරෝකථනය කර තිබේ.

කුණාටුව හේතුවෙන් බිද වැටී ඇති යටිතල පහසුකම් යළි ගොඩනැංවීම හේතුවෙන් ආර්ථිකයට නව ජීවයක් උදාවනු ඇති බව මහබැංකු අධිපතිවරයාගේ අදහසයි.

2026 වසර සදහා වන අයවැය මගින් රජය රාජ්‍ය ආයෝජන වෙනුවෙන් රුපියල් ට්‍රිලියන 1.4 ක් වෙන්කර තිබුණු අතර පසුව සුළිකුණාටුව හේතුවෙන් ඇති වූ බලපෑම ප්‍රතිසාධනය කිරීමට තවත් රුපියල් බිලියන පන්සියයක මුදලක් වෙන් කරන ලදී.

මෙම මුදල් ඉදිකිරීම් සහ යටිතල පහසුකම් වර්ධනය කිරීම උදෙසා යෙදවීමට නියමිත බැවින් එය පෙරළා ආර්ථික වර්ධනය කෙරෙහි බලපානු ඇති බවයි මහබැංකු අධිපතිවරයා පවසන්නේ.

කෙසේ වෙතත් රුපියල් බිලියන පන්සියයක අතිරේක මුදලක් ආර්ථිකයට එකතු වීම හේතුවෙන් උද්ධමන අනුපාතිකය අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළ යා හැකි බවද හෙතෙම කියා තිබේ.

මේ අතර ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යා මහාචාර්ය උපාලි පන්නිල මහතා පවසා තිබුණේ පසුගිය වසරක කාලය තුළ ඉතා හොඳ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයක් පැවතීම නිසා රටේ ආර්ථිකය ස්ථාවර කරගැනීමට හැකි වූ අතර 2026 වසර තුළ වැඩි වැඩියෙන් ජනතාව වෙත ප්‍රතිලාභ ලබා දෙමින් මැදි කාලීනව 5%ක සහ දිගු කාලීනව 7%ක ආර්ථික වර්ධනයක් අපේක්ෂාවෙන් රජය ඉදිරියට යාමට බලාපොරොත්තු වෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලානු ජනාධිපති සහ බිරිඳ ඇමරිකානු ග්‍රහණයට හසුවෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ...

වෙනිසියුලාවේ අගනුවර පිපිරීම් වලින් විනාශ වෙයි : එක්සත් ජනපදයටත් දොස්..

රෂිකා හෙන්නායක ජනවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාවේ අගනුවර පිපිරීම්...