Djibouti ජනපතිවරණය:  Guellehගේ හයවන ධුර කාලය

රෂිකා හෙන්නායක අප්‍රේල් 10,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ජිබුටි රාජ්‍යයේ වසර 27 ක් පුරා බලයේ සිටින වත්මන් ජනාධිපති Ismail Omar Guelleh, සිය හයවන ධූර කාලය අපේක්ෂාවෙන් මැතිවරණයකට ඉදිරිපත් වී සිටින බව වාර්තා වේ.

වයස් සීමාවන් ඉවත් කරමින් සිදුකළ ව්‍යවස්ථා සංශෝධනයක් හේතුවෙන් ඔහුට නැවත තරඟ කිරීමට අවස්ථාව ලැබී ඇති අතර, ප්‍රධාන විපක්ෂ කණ්ඩායම් මෙම ක්‍රියාවලිය වර්ජනය කර තිබේ.

රතු මුහුදේ පවතින උපායමාර්ගික වැදගත්කම සහ ජාත්‍යන්තර වෙළඳ මාර්ග ආරක්ෂා කිරීමේදී ජිබුටි රාජ්‍යය ඉටුකරන සුවිශේෂී කාර්යභාරය මෙහිදී අවධාරණය කෙරේ.

කලාපීය අස්ථාවරත්වය මධ්‍යයේ සිය පාලනය හරහා සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගත් බව ජනාධිපතිවරයා පවසන නමුත්, මානව හිමිකම් සංවිධාන රජයේ මර්දනකාරී පිළිවෙත විවේචනයට ලක් කරයි.

මෙම මැතිවරණය හුදෙක් තරඟයකට වඩා පවතින පාලන තන්ත්‍රයේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කරන්නක් බව විචාරකයෝ පෙන්වා දෙති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ යාත්‍රාවේ සිටි සැකකරුවන් ඉරාන ජාතිකයින් !

ශ්‍රී ලංකා නාවික හමුදාව දෙවුන්දරට දකුණු දෙසින් ජාත්‍යන්තර මුහුදේ...

බ්‍රිතාන්‍ය සුපිරි වෙළෙඳසැල්වලින් ඉවත දැමූ විදුලි උපකරණ ඝානාවේ දැවැන්ත කසළ කන්දක!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 27: එක්සත් රාජධානියේ සුපිරි...

අදත් (27) පළාත් පහකට තද වැසි

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 27) දිනයේදී උතුරු, උතුරු...

අමෙරිකාවට ප්‍රබල කුණාටුවක්; ගංවතුර හා ගුවන් ගමන් රැසකට බාධා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 27: අමෙරිකා එක්සත් ජනපදයට...