*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

කිසිම සැකයක් නෑ අනිවාර්යෙන් මැතිවරණය පැවැත්විය යුතුයි – ජී එල් පීරිස්

නිසැකවම මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

ඔහු මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කලේය.

“යම් යම් තැන්වල විවාදයට භාජනය වෙලා තිබෙන කරුණක් තමයි පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වෙයි ද නැද්ද කියන එක. කිසිම සැකයක් නෑ අනිවාර්යෙන් මැතිවරණය පැවැත්විය යුතුයි . මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා මේ සතියේ ප්‍රකාශයට පත් කරනවා කියලා. නාමයෝජනා බාර ගන්න දිනේ ඉන්පසු ඒ සම්පූර්ණ ක්‍රියාදාමය කාල වකවානු බොහොම පැහැදිලිව නීතියෙන් නිර්චනය වෙලා තිබෙනවා.

එතකොට නීතිය තමයි මාර්තු තිස් වැනිදාට ප්‍රථම රට පුරා පළාත් පාලන ආයතන 340 ම ස්ථාපිත වෙලා අවසන් වෙන්න ඕනි. එසේනම් මෙම පළාත් පාලන ඡන්දය පැවැත්විය යුත්තේ පෙබරවාරි මාසයේ අග හෝ මාර්තු මාසයේ මුල. ඒ නිසා ඒ පිළිබඳව අබමල් රේණුවක හෝ ප්‍රශ්නයක් බියක් සැකක් ඇති කර ගත යුතු නැහැ. ඒක තමයි ශ්‍රී ලංකා නීති පද්ධතිය තුළ අනිවාර්යයෙන් විය යුතු දේ. ඒ වගේම මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරලා තියෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරිලා තියෙන කාර්යභාරය කිසිම අඩුපාඩුවක් නැතුව මැතිවරණ කොමිෂන් සභාව ඉෂ්ඨ කරනවා කියලා පැහැදිලි ප්‍රතිඥාවක් දීලා තියනවා. ඒත් එක්කම මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කරලා තිබෙනව ප්‍රවෘත්ති සාකච්ඡාවක් පුවත්පත් මාධ්‍ය ආදියේ පාර්ලිමේන්තුව මේ පිළිබඳව එකඟතාවයක් සම්මත කරගත හොත් මැතිවරණය කල් දැමීමට. ඊට මැතිවරණ කොමිසන් සභාවට අවනත වීමට සිදුවෙනවා කියලා.

එහෙම ප්‍රකාශයක් කරලා තියෙනවා නම් ඒක නිවැරදි ප්‍රකාශයක් නොවේ. ඒ මොකද ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු වාර කීපයකදී ම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා මේ පිළිබඳව පාර්ලිමේන්තුවට අභිමතයක් නෑ නඩු තීන්දුවක පවසල තිබෙනවා මැතිවරණය කල් දමන්නේ නම් ජනමත විචාරණයක් පවත්වන්න ඕන කියලා. ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුව යෝජනාවක් හරහා මැතිවරණය කල් දැමීමට කිසිසේත් හැකියාවක් නෑ. ඒකට හේතුව ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යය පාර්ලිමේන්තුවත් නෙවෙයි ජනතාව අතේ පැවතීම. ඒ නිසා මේ මැතිවරණය අදාළ දින වකවානු වලදී අනිවාර්යෙන් පැවැත්විය යුතුයි. එය නැවත කල් දැමීමට නම් ජනමත විචාරණයකට යාම අනිවාර්යයෙන් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පැහැදිලිව ප්‍රකාශ කළ තියෙනවා.

දැන් රජයේ සමහර අමාත්‍යවරුන් ප්‍රකාශකයන් ප්‍රකාශ කර තියෙනවා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් නැති නිසා මැතිවරණය කල් දැමීමට සිදුවෙනවා කියලා. කිසිම රටක කිසිම ආණ්ඩුවක කිසිම දේශපාලන පක්ෂයක් විසින් මෙවැනි අභූත ප්‍රකාශයක් සිදු කරල නෑ. මැතිවරණය පැවැත්වීමට ඇති නොහැකියාව පිළිබඳ සල්ලි නැහැ කියලා මැතිවරණය පවත්වන්න බෑ කියන එක මේ තර්කයට අපි ඉඩ දෙනවා නම් ඒ තමයි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අභාවය. එතනින් පස්සේ ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය දශමයක්වත් තිබෙන්නේ නෑ.

දැන් පත්වෙලා ඉන්න ජනාධිපතිවරයා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් .ගෝඨාභය ජනාධිපතිවරයා ගේ ජනාධිපති කාලයේ ඉතුරු කාලය ජනාධිපති තනතුරු ඉටුකිරීම සඳහා පැමිණි ජනාධිපති වරයෙක් පාර්ලිමේන්තුව විසින් පත්කරගත්. එතකොට මේ ධූර කාලය වසර දෙකහමාර වුනාට පස්සේ ඒ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා කිව්වොත් මැතිවරණ ජනාධිපතිවරණ තියෙන්නෙ වෙන්නේ නෑ මට සල්ලි නෑ කියලා එතකොට මොකද වෙන්නේ. ජනතාවගෙන් කිසිම විදිහේ කැමැත්තක් නො ලද ජනතාවගේ වරමක් නොගත්ත ජනාධිපතිවරයෙකුට පුළුවන් වෙනවා දිගින් දිගටම ජනාධිපති විදිහට කටයුතු කරන්න.

සීමිත කාලයකට පත්කර එක්කෙන්. එන අවුරුද්දේ නොවැම්බර් මාසේ වෙනකොට ධුර කාලය අවසන්. එතකොටඒ ඒ කාලේ අවසන් වුනාට පස්සේ මේ අනුප්‍රාප්තික ජනාධිපති වරයා කියනවා රට තුළ ජනාධිපතිවරණය පැවැත්වීමට මුදල් නෑ ඒක නිසා ජනාධිපතිවරණය පැවැත්වීමට නොහැකි කියලා. එතකොට මොකද වෙන්නේ මේ ජනාධිපතිවරයාට පුළුවන් එකෙන් ජනතාවගෙන් කිසිම වරමක් නොලද ජනාධිපතිවරයාට දිගින් දිගටම රැඳී සිටින්න. එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රී විවරණය පවත්වන්නෙත් සීමිත කාලයකට. අවුරුදු පහකට. එතකොට පාර්ලිමේන්තු මැතිවරණය ආවමත් ඔය තර්කය ඔය විදිහටම ඉදිරිපත් කරන්න පුළුවන්. වෙන අවශ්‍යතා තිබෙනවා ඒක නිසා මැතිවරණය පවත්වන්න මුදල් නෑ ඒ නිසා අවුරුදු පහකට පත්වෙච්ච පාර්ලිමේන්තුව දිගින් දිගටම බලයේ රැඳී සිටින්න පුළුවන්.

මෙහෙම තත්ත්වයක් කිසිම ප්‍රජාතන්ත්‍රවාදි රටක පිළිගනු ලබන්නෙ නෑ. යථා කාලයේ දී මැතිවරණ අනිවාර්යෙන් පැවැත්විය යුතුයි. එහෙම නොකරන්නේ නම් එය කිසිම වෙලාවක ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ලෙස පිළිගන්නට බැහැ. අනිත් එක මේ මුදල් හිඟය ගත් විට රජයට අනේකාකාර සියලුම දේවල් වලට වැය කිරීමට මුදල් තිබෙනවා. නමුත් මැතිවරණය ගත්කල විතරයි ඔවුන්ට මුදල් නැත්තේ. ගෝඨාභය ජනාධිපතිවරයා රට අවුරුද්දක් පාලනය කරා කිසිම රාජ්‍ය අමාත්‍යවරයෙක් පත් කරන්නේ නැතුව. නමුත් මේ ආණ්ඩුව මේ වෙද්දි රාජ්‍ය අමාත්‍යවරු තිස් නවයක් පත් කරලා තිබෙනවා.

දැන් එතකොට හිතල බලන්න ඔවුන්ගේ එම ඇමතිවරුන්ගේ දේවල්වලට කොතරම් ධනස්කන්ධයක් වැය කිරීමට සිද්ධ වෙනවද කියලා. ඔවුන්ගේ වැටුප් වරදාන පෞද්ගලික කාර්ය මණ්ඩලය වාහන ඒ හැමදේටම මුදල් වැය කිරීමට රජයට සිද්ධ වෙනවා. එතකොට දැන් තව ආරංචියක් තිබෙනවා තව කැබිනට් ඇමතිවරු දොළොස් දින පත් කිරීමට යනවා කියලා. එතකොට කැබිනට් ඇමතිවරු රාජ්‍ය ඇමති වරු පත්කිරීම සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නෑ මුදල් ඇති තරම් තිබෙන නමුත් මැතිවරණය ගත්විට විතරයි ඔවුන්ට මුදල් නැත්තේ.

මේ රාජ්‍ය ඇමැතිවරුන් කැබිනට් ඇමතිවරුන් පත් කිරීම සඳහා කොතරම් මුදල් වියදම් කරනවද? මෙසේ අසීමිත ලෙස මුදල් වැය කිරීම් මුදල් මුද්‍රණය කිරීමට රුචියක් දක්වන ආණ්ඩුවක් ඇයි මේ බිලියන 10 වියදම් කිරීමට මෙච්චර පැකිලීමක් දක්වන්න කියන එක ප්‍රශ්නයක්.”

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan