- ඒක අසත්‍යයක් – හිටපු ජනපති පෞද්ගලික ලේකම්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබාගැනීම සඳහා අයැදුම් කර ඇති බව ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය ඊයේ (02 දා) වාර්තා කර තිබිණි.
මේ සම්බන්ධයෙන් සලකා බැලීමට එක්සත් ජනපද රජය තවමත් කටයුතු කර නොමැති බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඒ සම්බන්ධයෙන් අදහසක් ප්‍රකාශ නොකළ බවත් මීට ඉහත වාර්තා පළවී තිබිණි.
කෙසේවෙතත්, හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීස්වර බණ්ඩාර මහතා එම පුවත ප්‍රතික්ෂේප කරමින් පවසා තිබෙන්නේ එය අසත්‍යයක් බවයි.
රෂිකා හෙන්නායක