සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායලය යුද්ධය හේතුවෙන් ඉරානයට විසින් වසා දමා ඇති තීරණාත්මක තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට අමෙරිකානු මිත්‍ර රටවල්වල යුධ සහය දක්වන ලෙස කරන ලද ඉල්ලීම Neto රටවල් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රසිද්ධියේම ජනාධිපති ට්‍රම්ප්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර එක්සත් රාජධානිය, චීනය, ප්‍රංශය, ජපානය, දකුණු කොරියාවද සිය අකමැත්ත ප්‍රකශ කර තිබේ.
මෙහිදී Neto සාමාජිකයන් සඳහන් කර තිබුණේ, ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල් ප්‍රහාරය අපේ යුද්ධයක් නොවන බවත්, Neto වේ අනුමැතියකින් ආරම්භ වූ යුද්ධයක් නොවන බවත්ය.
Neto සාමාජිකයන්ගේ මෙම ප්‍රකාශයත් සමඟ ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, ඇමරිකා එක්සත් ජනපදය මෙතෙක් කල් සිය යුරෝපීය මිත්‍ර රටවල් සමඟ ඉතා සුහදශීලීව කටයුතු කළ බවත්, නේටෝ (NATO) සංවිධානය ඉතා නරක අනාගතයකට මුහුණ දෙනු ඇති බවත්ය,

