සත්ත්ව නිෂ්පාදන මිල ගැන තීරණයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 02 කොළඹ (LNW): සත්ත්ව නිෂ්පාදන මිල තවදුරත් ඉහළ දැමුවහොත් ජනතාවට එය දරා ගත නොහැකි වන බැවින්, වැට් බදු වැඩි කළ ද සත්ත්ව නිෂ්පාදන මිල වැඩි නොකරන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසයි,

ජනවාරි පළමුවනදා සිට 15% ක් වූ වැට් බද්ද 18% දක්වා ඉහළ ගියේය.

මෙතෙක් වැට් අය කළ සෑම භාණ්ඩයකම හා සේවාවක මිල අවම වශයෙන් 3% කින් ඉහළ යනු ඇති බව සදහන් වූ අතර, මෙවර වැට් බදු සංශෝධනයේදී මෙතෙක් වැට් අය නොකළ භාණ්ඩ රැසකටද වැට් බදු පනවනු ලැබුවේ ය.

කෙසේ වෙතත් සත්ත්ව නිෂ්පාදන මිල තවදුරත් ඉහළ නොදමන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (14) කාලගුණය වෙනස්වෙන හැටි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

බිඳ වැටුණු ජනතාවගේ ජීවනෝපායමාර්ග යළි ගොඩනඟා දීමට ප්‍රමුඛතාව ලබා දිය යුතුයි – ජනපති

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

එප්ස්ටයින්ගේ නව ජයාරූප අතර ට්‍රම්ප්, ඇන්ඩෲ සහ බිල් ක්ලින්ටන් පෙනී සිටියි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අපකීර්තියට...

රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියකට පහර දේ; නිවාස මිලියන ගණනකට විදුලිය අහිමි වේ

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ...