පොඩි පොඩි චූන් වැඩවලට ජනතාව ආයේ රැවටෙන්නේ නෑ – චම්පික

Date:

කොළඹ LNW: රටට බදු ප්‍රතිසංස්කරණ අවශ්‍ය වුවත් එය සීමාව ඉක්මවා ගොස් සමාජ පීඩනයක් ඇති කර තිබෙන බව එකසත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

ඒ, අද (03) කොළඹදී පැවති එක්සත් ජනරජ පෙරමුණේ මාධ්‍ය හමුවේදීය.

මෙම බදු ප්‍රතිසංස්කරණ හේතුවෙන් ආයෝජන පවා රටින් ගිලිහෙන අතර ආර්ථිකය හැකිළෙන බවයි රණවක මහතා පෙන්වාදුන්නේ.

”ආසියාවේ වැඩිම විදුලි බිල තියෙන රටක්. ඒ නිසා ආයොජන රටින් පිටට යනවා. දැන් ආර්තිකය හැකිලිලා තියෙන්නෙ. ඉතුරුම් අඩුවෙලා ඒ සමගම ආයෝජනත් අඩුවෙලා. ආයොජන අඩු නම් ආර්ථිකය හැකිලෙනවා. ලංකාව දේශපාලන වශයෙන් යටත් කරන්න බලාගෙන එන ආයොජන විතරයි ලංකාවට එන්නෙ. වෙන කිසිම ආයොජනයක් නෑ. විශාල බුද්ධි ගලනයක් වෙලා ඔස්ට්‍රේලියාවට ශිෂ්‍යයන් විතරක් 15000ක් ගිහින් තියෙනවා. ඒ සමගම ඩොලර් බිලියන ගාණක් පිටට ගිහින්. ආණ්ඩුවට කියනවා දැන් ආර්ථික වර්ධනයක් අවශ්‍යයි. බදු සාධාරණිකරණය කරන්න ඕනේ. ආසියාවේ දුප්පතුන්ගෙන් වැඩිම විදුලි බිලක් අයකරන රට අපේ රට. විදුලි බල මණ්ඩලය පාඩුයි කියන එක අමූලික බොරුවක්. බිලියන 60ක් ලාභ ලබල තියෙනවා. ඉන්ධන මිල වෙනස් විය යුතුයි. විශේෂයෙන්ම ඩීසල් මිල අඩුකළ යුතුයි. පාර්ලිමේන්තු කාරක සභා විහිළුවක් බවට පත්වෙලා. මැතිවරණ වෙනකම් මේ විදිහට ඇදගෙන ගිහින් මැතිවරණ ලංවෙනකොට විදුලිබිල භාණ්ඩ මිල අඩුකරල ජනතාවට පොඩි චූන් එකක් දෙන්න හදනව නම් එක හරියන්නෙ නෑ. ජනතාව ඒකට රැවටෙන්නෙ නෑ. ඒනිසා මේ සහන ලබාදෙන්න අප්‍රේල් වෙනකම් ඉන්නෙ නැතුව. පාර්ලිමේන්තුවේ ක්‍රම සම්පාදන කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක් කරානම් මේ විදිහට බදුගහන්න ඕනේ නෑ.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...