ග්‍රීක මුහුදේ සංක්‍රමණික ඛේදවාචකය: ජීවිත 22ක් අහිමි වෙයි

රෂිකා හෙන්නායක මාර්තු 28 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ලිබියාවේ සිට ග්‍රීසිය බලා ගමන් ගත් සරණාගතයන් පිරිසක් ආහාර සහ ජලය නොමැතිව දින හයක් මුහුදේ අතරමං වීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අනාවරණය වේ.

දිවි ගලවා ගත් අයගේ ප්‍රකාශ උපුටා දක්වමින් සඳහන් වන්නේ, මියගිය පිරිසගේ මළසිරුරු මිනිස් ජාවාරම්කරුවන්ගේ නියෝග මත මුහුදට දමා ඇති බවයි.

ග්‍රීක බලධාරීන් මේ වන විට සැකකාර ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පීඩාවට පත් වූවන් හට වෛද්‍ය ආධාර ලබා දී ඇත.

යුරෝපයට ඇතුළු වීම සඳහා සංක්‍රමණිකයන් සිදු කරන මෙම අතිශය අවදානම් සහගත මුහුදු ගමන් සහ ඒ ආශ්‍රිතව සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳව මෙමඟින් බරපතල අවධානයක් යොමු කෙරේ.

ලිබියාව හරහා සිදුවන මෙම සංක්‍රමණ පාලනය කිරීමට ග්‍රීසිය දැඩි නීති පනවා තිබුණද, පවතින දේශපාලන හා ආර්ථික අර්බුද හමුවේ තවමත් බොහෝ පිරිසක් මෙවැනි අනතුරුදායක ගමන් තෝරා ගන්නා බව වැඩිදුරටත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නියෝජ්‍ය ඇමතිකමට වසර දෙකයි – සුගත් තිලකරත්නගෙන් අමුතු සටහනක් ?

සටහන - රුවන් නෙළුගොල්ල සුගත් තිලකරත්න මහතා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්යවරයා...

Wendy’s ශ්‍රී ලංකාවට එයි. පළමු අවන්හල One Galle Face හි විවෘත කෙරේ

ජෝන් කීල්ස් සමූහය (John Keells Group) ලෝක ප්‍රකට Wendy’s®...

ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක ගින්නක් ; තිදෙනෙකු මරුට, 36ක් අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 22 : ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක...