වසර 90ක් පමණ පැරණි අනගාරික ධර්මපාලතුමාගේ භෂ්මාවශේෂ මංජුසාව හමුවෙයි!

Date:

කොළඹ LNW:1933 අප්‍රේල් මස 29 වැනි දින අපවත් වී වදාළ සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ ඉපැරණි මංජුසාව මාළිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාර භූමියෙන් නැවත හමු වී තිබේ.

සිරි දේවමිත ධම්මපාල හිමියන්ගේ ප්‍රථම පිළිරුව ස්ථාපනය කිරීම සඳහා නව ඉදිකිරීම් කටයුතු කරමින් පැවතිය දී පසුගිය පළමුවැනිදා මෙම භෂ්මාවශේෂ මංජුසාව හමු වූ බව අග්‍රශ්‍රාවක ධාතු තේවා වන්දනාව භාර අම්බුලගල සුමංගල හිමියෝ පවසති.

මෙම භෂ්මාවශේෂ මංජුසාවට මේ වනවිට වසර අනුවක් පමණ පැරණි බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම මංජුසාව තැන්පත් කර අභිනවයෙන් ඉදිකරනු ලබන සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්ගේ පිළිරුව ස්ථානගත කරන බව සුමංගල හිමියෝ වැඩිදුරටත් පවසති.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපිරි නිවාස චෝදනාවට ඇමති වටගලගෙන් පිළිතුරු. CIDයටත් පැමිණීල්ලක් !

තමන් කොළඹින් අධි සුඛෝපභෝගී නිවසක් මෑතකදී මිලට ගෙන ඇති...

රට නැවත ගොඩ නැගීම සඳහා සන්සුන්ව එක්වන ලෙස නේපාලයේ නව අගමැතිනිය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ නව...

ජපානයේ දී ලෝකය දිනපු වේග රජු සහ රැජිණ ලොව හොඳම දහය අතරට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 15, කොළඹ LNW: ලොව වේගවත්ම මිනිසා සහ කාන්තාව ලෙස...

අල්ලස් කොමිසමේ සිටින පොලිස් නිලධාරීන් නීතිවිරෝධීයි, මේක අභියෝගයට ලක්වෙන්න පුළුවන් – DG

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සම්මත...