*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

මෙ සටන අපි දිනනවා – අනුර

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 03 කොළඹ (LNW): 2024 වසර රටේ ජනතාවට ඉතාමත්ම තීරණාත්මක අවුරුද්දක් බවත්, මෙතෙක් දියත් කළ ගමන වේගවත් කර ඉදිරියට යායුතු බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එබැවින්, මේ සටන පරාජයට පත්වුවහොත් අපේ රටත් ජනතාවත් නින්දාගතභාවයේ, අසරණභාවයේ පතුළටම ඇද වැටෙන බවත්. මේ සටන ජයග්‍රහණය කළොත් නව බලාපොරොත්තු, අපේක්ෂාවන් සහිතව මේ රට නව දිශාවකට ගෙනයා හැකි බවද අනුර කුමාර දිසානායක මහතා කියා සිටී.

ඒ පිළිබඳ වැඩිදුර අදහස් දැක්වූජාතික ජන බලවේගයේ නායක ,

” මේ අවුරුද්ද අපේ රටේ ජනතාවට ඉතාමත්ම තීරණාත්මක අවුරුද්දක්. මෙතෙක් දියත් කළ ගමන වේගවත් කර, අපේ රටේ ජාතික සම්පත් විනාශ මුඛයට හෙළීමට ආණ්ඩුව කැසකවමින් සිටිනවා. ජනවාරි මාසය ඇතුළත විදුලි බල මණ්ඩලය කොටස් කර, විකිණීමට අවශ්‍ය පනත, රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් ආයතනය වැනි ආයතන විකිණීමේ ක්‍රියාවලිය සිදුකිරීමට නියමිතයි. එයට එරෙහිව පැනනගින ජනතා උද්ඝෝෂණ මර්දනය කිරීමට ප්‍රතිත්‍රස්ත පනත, සමාජ ජාලා මර්දනය කිරීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ රට ආපසු හැරවිය නොහැකි පන්නයේ විශාල ක්‍රියාමාර්ග ප්‍රමාණයක් වේගයෙන් ගැනීමට ආණ්ඩුව කැසකවන අතර, දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපි අපේ රටේ නව ජාතික පිබිදීමක් ඇති කර, නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟමින් ජනතාව ඊට සම්බන්ධ කරගෙන ඔවුනට ප්‍රතිලාභ ලබාගෙන නව ආර්ථික ගමනකට ප්‍රවිෂ්ට වීමේ මතවාදය සමාජගත කරමින් සිටිනවා.

අපරාධ මැඩපැවැත්වීමට නීතියේ විධානය, ආධිපත්‍යය, පිහිටුවන්නේ කෙසේදැයි අපි සැලසුම් සකස් කරමින් සිටිනවා. අපේ ජනතාවත්, රටත් ව්‍යසනයට හෙළන ලද මහාපරිමාණ වංචා, දූෂණ කෙළපැමිණි දේශපාලන සංස්කෘතිය වෙනස් කර, නව ගමනකට අවතීර්ණ වීමේ සාකච්ඡාව අප ගෙනයනවා. ලංකා ඉතිහාසයේ දේශපාලන ව්‍යුහයේ තීව්‍රම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා.

මේ සටන අපි පරාජයට පත්වුණොත් අපේ රටත් ජනතාවත් නින්දාගතභාවයේ, අසරණභාවයේ පතුළටම ඇද වැටෙනවා. අපි මේ සටන ජයග්‍රහණය කළොත් නව බලාපොරොත්තු, අපේක්ෂාවන් සහිතව මේ රට නව දිශාවකට ගෙනයා හැකියි. ඒ නිසා මේ ගොඩනැගෙමින් තිබෙන දේශපාලනය සාමාන්‍ය දේශපාලනයක් වගේ නොවෙයි. ලංකා ඉතිහාසයේ තීරණාත්මක බෙදීමේදී ජාතික ජන බලවේගයේ අපි ජනතාවත් සමග කවර ආකාරයේ පොදු සම්මුතියකට ආ යුතුදැයි පළල් ලෙස සාකච්ඡා කරමින් සිටිනවා.

වැඩකරන ජනතාව, ව්‍යාපාරිකයින්, කර්මාන්තකරුවන්, ආගමික නායකයින්, විද්වතුන් ආදී වශයෙන් වූ අපි සියලු දෙනාම මේ රට මුදා ගැනීමේ පොදු සම්මුතියකට එළඹීමේ සාකච්ඡාවට ප්‍රවිෂ්ට වී සිටිනවා. ඒ අතරේ අනෙක් කඳවුර කුණු එකතු කරමින් සිටිනවා. ඔවුන් තැන තැන විසිරී සිටින කුණු එකතු කරන අතරේ අපි ජනතාව ඒකරාශී කරනවා. අපි මේ වසරට ප්‍රවේශ වී සිටින්නේ තීරණාත්මක ජයග්‍රහණයකින් සටන කෙළවර කරනවා කියන දැඩි අධිෂ්ඨානයෙන්. මේ නිසා අපි හැමදෙනාටම විවේක කාලයක් නොමැතිව වෙනස සඳහා කටයුතු කළ යුතු වෙනවා. පවතින අර්බුදයේම හේතුවක් නිසා ඔවුන් විකිණීම සිදුකරනවා. පැමිණි ආර්ථික ගමන විසින් නිර්මාණය කළ අර්බුදයේම ප්‍රතිඵලයක් තමයි විකිණීම. අනෙක් පැත්තෙන් විකිණීමත් මේ ආර්ථික අර්බුදයට හේතුවක්. මේ විකිණීම ඕපපාතිකව සිදුවූවක් නොවෙයි, මෙතෙක් අනුගමනය කළ ආර්ථික ක්‍රියාවලියේම ප්‍රතිඵලයක්.

මේ දක්වා වැට් බද්දෙන් නිදහස් කර තිබුණු ක්ෂේත්‍ර ගණනාවක් මේ අර්බුදය විසින්ම වැට් බද්දට ඇතුළත් කර තිබෙනවා. තෙල් මිල ඉහළ යාම සමස්ත ආර්ථිකයටම බලපෑමක් ඇති කරන නිසා, මේ දක්වා වැට් බද්දෙන් නිදහස් කර තිබුණා. තෙල් මිල ඉහළ යාම තෙල් පරිභෝජනය කරන කෙනාට පමණක් නොවෙයි, සමස්ත ආර්ථික දේහයටම බලපාන සංවේදී කරුණක්. පාසල් උපකරණ මිල ඉහළ යාම දරුවන්ගේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සංවේදී ලෙස බලපානවා. සෞඛ්‍ය උපකරණ, ඖෂධ නිෂ්පාදන අමුද්‍රව්‍ය, සෞඛ්‍ය සේවාව වැට් බද්දෙන් නිදහස් කර තිබුණේ ජන ජීවිතයට සමීපව බලපාන නිසයි. නමුත් අර්බුදය විසින් මේ සියලු ක්ෂේත්‍රවලට අලුතින් වැට් බදු පනවා තිබෙනවා. රජයේ වියදම්, ණය ගෙවීම සහ පොලී වාරික ගෙවීම සඳහා මේ වසරේ රුපියල් බිලියන එකොළොස්දහස් පන්සිය දහහතරක් වැය වෙනවා. නමුත් වැට් බද්ද ඇතුළු මේ සියලු පීඩාවන් ජනතාව මත පටවා ලබාගත හැකි මුළු ආදායම රුපියල් බිලියන හාරදහස් එකසිය හැටහතරයි. ණය වාරික ගෙවීම පසෙක තැබුවත් රුපියල් බිලියන හත්දහස් අටසිය විසිහයක් මේ වසරේ වියදම් වෙනුවෙන් අවශ්‍ය වෙනවා. බිලියන 3000කට වැඩි ප්‍රමාණයක් අතිරේක වශයෙන් ණය ගන්න සිදුවෙනවා. මේ අර්බුදය තිබෙන්නේ දත්ත ඇතුලේ පමණක් නොවෙයි සමාජ ජීවිතය ඇතුලෙත් තිබෙනවා. ගෙවුම් ශේෂ හිඟය, අයවැය හිඟය වගේ මහප්‍රාණ ආර්ථික වචනවල සැඟවී තිබෙන අර්බුදය සමාජ ජීවිතයට බලපෑම් කරමින් තිබෙනවා. ළඟදී නිකුත් කළ නිල සංඛ්‍යා ලේඛන අනුව පාසල් දරුවන්ගෙන් 57%ක් පොත්පත් ඇතුළු අධ්‍යාපන උපකරණ මිලදී ගැනීම නතර කර හෝ අඩු කර තිබෙනවා. තවත් 19%කට ආසන්න පිරිසක් පුද්ගලික පංතිවලට යන එක නතර කරලා. ආර්ථික අර්බුදයෙන් සමාජයට කරන බලපෑම දරුවන්ගේ අධ්‍යාපනය කඩාවැට්ටීම දක්වා ගමන් කර තිබෙනවා.

ඒ වගේම පුරවැසියන්ගේ ජීවිත අනාරක්ෂිත තත්වයට ඇදවැටී නිසි පරිදි ප්‍රතිකාර ගැනීමෙන් වැළකී සිටිනවා. විශාල ප්‍රමාණයෙන් රැකියා අහිමි කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් කඩා වැටීම වැනි ක්ෂේත්‍රවලට අර්බුදය බලපා තිබෙනවා. පරාටේ නීතිය අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 1183කට විරුද්ධව දේපළ අත්පත් කරගෙන තිබෙනවා. මේ ව්‍යාපාර බොහෝ දුෂ්කරතා මැද සමහර විට පරම්පරා කිහිපයක කැපවීමෙන් ගොඩනඟා ගත් ඒවා. නිවැරදි ආර්ථික දැක්මක්, රාජ්‍ය මැදිහත්වීමක් යටතේ මේ ව්‍යාපාර ගොඩනැගී තිබුණේ නැහැ. ඔවුන්ගේ පෞද්ගලික කැපවීම් සහ ධෛර්යවන්තභාවය මත ගොඩනැගී තිබුණු ඒවා. මේ අර්බුදයෙන් ජන ජීවිත කඩා වැට්ටවීම මේ වගේ විවිධ ක්ෂේත්‍රවලට බලපා තිබෙනවා. ආණ්ඩුවෙන් කියන්නේ විකුණා දැමීම මාර ආර්ථික උපායමාර්ගික සැලැස්මක් කියලයි. ඇත්ත ඒක නොවෙයි. විකිණීමත් මේ ආර්ථික අර්බුදයේම ප්‍රතිඵලයක්. ඖෂධ ගෙන්වීමේදී, බදු අයකිරීමේදී, හොරකම් කරනවා වගේම විකිණීමේදීත් වංචා දූෂණවල තෝතැන්නක් වී තිබෙනවා. ආර්ථික අර්බුදය නිසා විකුණනවා වගේම අතයට ගනුදෙනු සඳහාත් ඔවුන් විකිණීම යොදා ගන්නවා. විකිණීම පිටුපස තිබෙන ඇත්ත යටි වුවමනාව මේක” ලෙස දීර්ඝ ලෙස කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan