*
Friday, May 3, 2024
spot_img

Latest Posts

රජයේ බිස්නස් විකුණන්නම ඕනි ද ?සතොසෙන් සතොස පිරි උත්තරයක්

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):

රජයේ බිස්නස් විකුණන්නම ඕනි ද ?සතොසෙන් සතොස පිරි උත්තරයක්

ආණ්ඩුවේ ආයතන ව්‍යාපාරවලින් ඈත් කර දැමීමේ වැදගත්කම ආණ්ඩුවේ ඉහළම ඇත්තෝ නිතර මතුරති.වෙළද,වානිජ්‍ය හා ආහාර සුරක්ෂීතතා ඇමති නලීන් ප්‍රනාන්දු සර්ව සම්පූර්ණයි කියන්නවත්,සතොස මාරයි කියන්නවත් අපි ඉදිරිපත් නොවුණ ද,ඔහු යටතේ පවතින සතොසෙන් ව්‍යාපාර ආණ්ඩුවේ වුව ද,පෞද්ගලික වුව ද,ඒයා ව්‍යාපාර බවත්,තරගකාරීව තරගකර රජය විසින් කරන ව්‍යාපාරවලට ද වාසි ලබා ගත හැකි බවත් මේ වන විට ඔප්පු කර තිබෙන බව සතොසෙන් වාර්තාවන ඇත්තකි,


ඒ අනුව මහා පරිමාන සුපිරි වෙළද සැල් ජාලයන් කිහිපයක්ම ලංකාව පුරා ව්‍යාප්ත වි සහ ව්‍යාප්ත වෙමින් තිබියදී ද,එසේම යම් යම් සුපිරි වෙළද සැල් ප්‍රාදේශිය මට්ටමෙන් ද ස්ථාපිතව තිබියදී ද,සතොස 2023 වසර සඳහා ලක්ෂ දොළොස් දහසක මෙහෙයුම් ලාභයක් ලබා ඇති බව වාර්තා වේ.මෙහි වැඩි ගෞරවය අමාත්‍යවරයාට මෙන්ම සභාපති පසඳ යාපා අබේවර්ධන වෙත පැවරුණ ද,මෙහි ඇත්තේ ආයතනය කණ්ඩායමක් වශයෙන් ජනතා විශ්වාසය දිනා ගැනීමේ සේවයක් සැපයීමට සමත් වීමය.එහිදී වැදගත්ම දේ වන්නේ පෞද්ගලික වෙළද සැල්වලින් පීඩාවට පත්වන ආකාරයේ මිල ගණන් ඉදිරිපත් කරද්දී,ඒවාට පිළිතුරු ලෙස යම් යම් අවස්ථාවල ජනතාවට යම් සහනයක් ඇතිවන ආකාරයෙන් මිල ගණන් ඉදිරිපත් කරන්නට සතොස ඉදිරිපත් වීමය.


ලංකාවේ නිල වශයෙන් තහනම් නැති ඕනෑම භාණ්ඩයක් තරගකාරී වෙළද පොළ තුළ අලෙවි කිරිමට සතොස යොමු කරන අවධානය ඉදිරියේදී මේ ප්‍රතිපල තව දුරටත් පළල් කරනු ඇත.යම් යම් ආගමික සහ විවිධ මිත්‍යාවන්ගෙන් පිරුණු සහ ජාතිවාදී කොටස්වල අභියෝගයෙන් බැහැරව රජයේ ව්‍යාපාරයක් ලෙස සතොස ඉදිරියේදී කටයුතු කරන්නට ගනු ලබන නිර්භීත තීරණවල ප්‍රමාණය අනුව තව දුරටත් ලාභදායක තත්ත්වයකට ගෙන යා හැකි බව මේ වාර්තා වී ඇති ලාභයේ පණිවිඩය බව සිතා ගැනීම වැදගත්ය.
මේ නිසා සතොස සේවකයන්ට රුපියල් 5000 ක් දිරි දීමනාවක් සමඟ තවත් රුපියල් 5000 ක තෑගි වවුචරයක් ද පිරිනැමීමට තීරණය කර ඇත.මේ ගෙවීමේ හැකියාව සහ ලාභය පදනම් කරගෙන සතොස දේශපාලන පත්වීම්වලින් පුරවාලීමට මේ වන විටත් දේශපාලකයන්ගේ අවධානය යොමු වී ඇත.සේවකයන් වැඩිවීම මෙන්ම අකාරයක්ෂම පාලනයත්,අනවබෝධයත්,දුර්මතවල අභියෝගයන්ට යටවීමත් වැනි කාරණා නිසා සතොස පාඩ් ලබන ආයතනයක්ව තිබුණු බව මේ තත්ත්වයට පෙර සතොස තිබූ පාඩුදායක තත්ත්වයට හේතු සෙවීමේදී පැහැදිළි කර ගැනීම අසීරු නොවනු ඇත.


ඉදිරයේදී සතොස වැඩ ප්‍රමාණයට වඩා සේවකයන් නඩත්තු කරන ආයතනයක් කරමින් දේශපාලන ව්‍යාපෘතිවලට සේවකයන් පිරෙව්වේ නැතිනම් තව දුරටත් සතොසට සතුටින්ම සිටිනු හැකිවනු ඇත.ඒ සම්බන්ධ සාක්ෂි සහිත විවේචනවලට,විරෝධයන්ට එකඟවිය යුතු තැන්වලදී එකඟ වන බව පවසමින් රජයේ ව්‍යාපාර පාඩු බවට විකිණීමේ අවශ්‍යයතාවය වෙනුවෙන් ගොඩ නඟන තර්කවලට ප්‍රායෝගිකව ඉහළ ලාභයකින් පිළිතුරු දුන් සතොසට සසෛ් සිටින්නට දීර්ඝායුෂ පතමු.ව්‍යාපාර ව්‍යාපාර ලෙස කළහොත් සහ එහි ලාඊය අපේක්ෂාවෙන් ඉහළ සිට පහළට එකා මෙන් කැප වුණොත් රජයේ වුව ද,පෞද්ගලික වුව ද,ව්‍යාපාරවලට ලාභ ලැබිය හැකි බව සතොස ඔප්පු කර තිඉීම රටටම වැදගත් පණිවිඩයක්ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan