*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

සහතිකයි,ජනාධිපතිගෙයි කංචනගෙයි හොම්බ බිම අන්නනවාමයි – රන්ජන් ජයලාල්

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම නියමිත පනතට විරෝධය පළකරමින් විදුලි සේවක වෘත්තීය සමිති විසින් අද (03) සිට දින තුනක් අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබෙන අතර අද ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපිට පැවති විරෝධතාවේදී ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පැවසුවේ සහතික ලෙසම මෙම පනත පරාජය කරවන බවයි.

ජාතික සම්පත් විකිණීමට සැරසෙන ජනාධිපතිවරයාගේ සහ විෂය භාර අමාත්‍ය කංචන විජේසේකරගේ හොම්බ බිම අන්නන බවයි ජයලාල් මහතා අවධාරණය කළේ.

මෙම තෙදින විරෝධය නොසලකා හැර පනත සම්මත කරගැනීම සැරසෙන්නේ නම් පාර්ලිමේන්තුවේදී එය සම්මත කර ගැනීමට කටයුතු කරන දින දහවල් 12.00 සිට වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට යොමුවන බවද ඔහු කියා සිටියේය.

විදුලි සේවකයින් විසින් ගෙන තිබෙන මෙම තෙදින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එරෙහිව රජයේ පාර්ශවයෙන් නැවත දැනුම්දෙන තුරු ඔවුන්ගේ නිවාඩු අවලංගු කිරීමට කටයුතු කර තිබුණි.

කෙසේවෙතත් ජයලාල් මහතා පැවසුවේ රජයේ එම මර්දනයට සේවකයින් පරාජය කළ නොහැකි බවත් එම චක්‍රලේඛ නොතකා විදුලි බල මණ්ඩලය රැකගැනීම වෙනුවෙන් සේවකයින් පෙරට පැමිණ සිටින බවයි.

මෙම තෙදින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් කිසිලෙසකින්වත් මහජන පීඩාවක් ඇති නොවන බවද ඔහු ප්‍රකාශ කළේය.

”2024 කියන්නේ රනිල්,කංචනට අසුභයි. අකුලාගෙන යන්න ඉන්න අවුරුද්ද. යන යකා නිකන් යන්නේ නැහැ. කොරහත් බිඳගෙන යන්න හදන්නේ.මේ ජාතික සම්පත් ටික විකුණලා උන් පැනල ගියාට පස්සේ ජිවත් වෙන්න තියෙන පොකට් මනි ටික කොම්පැණිකාරයින්ට විදුලි බිලෙන් ජනතාව හුරගෙන කන පසුබිම හදල යන්න හදන්නේ. ඒ නිසා සහතිකයි මොන මර්දනය දැම්මත් අද නිවාඩු අවලංගු කළා. අපි කංචනට කියනවා බලපන් ඇවිල්ල සේකයෝ උඹලගේ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් ඇවිත් තියෙනවා. අත්‍යවශ්‍ය සේවා නියෝග පැනෙව්වා. විදුලි බල මණ්ඩලය අත්‍යවශ්‍ය සේවාවක්. ඒක විකුණන්න දෙන්න බැහැ. විදුලි බල මණ්ඩලය අත්‍යවශ්‍ය අපිට. කංචනලට රනිල් රාජපක්ෂලට නෙවෙයි. ඒ නිසා අකුලන් යන්න ලැස්ති වෙලා හිටපල්ලා කියල අපි ආණ්ඩුවට කියනවා. සහතිකයි මේක අපි පරාජය කරනවා. අපි රනිල්ගෙයි කංචනගෙයි පස්ස පැත්ත මේ පනතෙන් බිම අන්න එක අන්නනවාමයි. හෙට මීට වැඩියි. බැංකු හොරෙක් ජනාධිපති කරන්න අත උස්සපු පාර්ලිමේන්තුවක් මේ පනතට අත උස්සනවා තමයි. හැබැයි බලය තියෙන්නේ පාර්ලිමේන්තුවේ නෙවෙයි. බලපල්ලා විදුලි බල මණ්ඩලය ඉස්සරහට ඇවිල්ල බලය කියන්නේ මොකක්ද කියල. සහතිකයි හොම්බ බිම අන්නනවාමයි ජනාධිපතිගෙයි කංචනගෙයි.” යනුවෙන් ජයලාල් මහතා තවදුරටත් අවධාරණය කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan