හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායකයා මිය යයි!

Date:

සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සලේ අල්-අරෝරි හමාස් සන්නද්ධ අංශය වන කසාම් බළකායේ ප්‍රධාන චරිතයක් වූ අතර හමාස් නායක ඉස්මයිල් හනියේගේ සමීප සගයෙකි.

හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායක සලේ අල්-අරෝරි බීරූට්හි දී බෝම්බ ප්‍රහාරයකින් මියගොස් ඇති බව වාර්තා වේ.

ලෙබනනයේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය විසින්ද මෙම මරණය තහවුරු කර ඇති අතර හමාස්හි නියෝජ්‍ය දේශපාලන නායකයෙකු වන අරූරි, හමාස් හමුදාපතිවරුන් දෙදෙනෙකු සහ තවත් සාමාජිකයින් හතර දෙනෙකු සමඟ දකුණු බීරූට් හි ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් මිය ගිය බව සඳහන් කර තිබේ.

සලේ අල්-අරෝරි හමාස් සන්නද්ධ අංශය වන කසාම් බළකායේ ප්‍රධාන චරිතයක් වූ අතර හමාස් නායක ඉස්මයිල් හනියේගේ සමීප සගයෙකි. ඊශ්‍රායලයට එරෙහිව ඔක්තෝබර් 7 ක්‍රියාත්මක වූ හමාස් ප්‍රහාරයේ ප්‍රධාන චරිතයක් වන අරෝරි තම කණ්ඩායම සහ හිස්බුල්ලා සංවිධානය අතර සම්බන්ධයක් ලෙස ක්‍රියා කරමින් ලෙබනනයේ සිට ඇත.

හමාස් සංවිධානය මෙම ප්‍රහාරය හෙලා දැක ඇති අතර එහි සගයා වන හිස්බුල්ලා ප්‍රකාශ කළේ එය ලෙබනන් ජනතාවට, ආරක්ෂාවට මෙන්ම ස්වෛරීත්වයට පහරදීමක් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිඳී ගිය රට නැවත හුස්ම ගනී: ප්‍රතිසංස්කරණය ජාතික අභියෝගයක් බවට

උස් පහත් භේදයකින් තොරව කුඩා වැඩිහිටි සියල්ලන්ටම සෑම දේම...

ශ්‍රී ලංකාව තරගාවලිය සම කරයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 10, කොළඹ LNW: බංගලාදේශයේ සංචාරයක යෙදෙන ශ්‍රී...

“දිට්වා” මෙරට තේ කර්මාන්තයට බලපෑවේ කෙසේද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ඩිට්වා සුළි කුණාටුව...

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් ඇතුළු සිව් දෙනා නිදොස් කොට නිදහස්!

කොළඹ LNW:ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු මහ බැංකු...