දිලිත්ගේ අරුණ පුවත්පත රට වට්ටවන්න සැලසුම් සහගත ව්‍යාපෘතියක – ඇමති නලින්දගෙන් චෝදනා

Date:

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාට අයත් “අරුණ” පුවත්පත රට වැට්ටවීමේ කුමන්ත්‍රණයක නියැළී සිටින බවත් රටක් ලෙස නැගී සිටින අවස්ථාවේදී එය වැළැක්වීමට කටයුතු කිරීම දේශද්‍රෝහී ක්‍රියාවක් බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

“අද උදෑසන අරුණ පුවත්පත මුල් පිටුවේම වාර්තා කරලා තිබුණා “ක්ලීන් ශ්‍රී ලංකා යටතේ පාරේ කොස් විකුණන්න බැහැ, කොළ කැඳ විකුණූ අයටත් අතුරුගිරිය පොලීසියෙන් නඩු දාලා” කියලා. මේ ප්‍රවෘත්තිය මුල් පිටුවේම වාර්තා කිරීමෙන් සහ මේ භාවිතා කරලා තියෙන වචනවලින් ඔවුන් පෙන්නුම් කරන්න හදනවා මේ ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ රටේ ප්‍රතිරූපය ඉහළ නංවන වැඩපිළිවෙලකට වඩා සාමාන්‍ය ජනතාවට නඩු දාන වැඩපිළිවෙලක් කියලා. මේක ඉතාම ද්වේශ සහගතව පළ කරන ලද ප්‍රවෘත්තියක්. මේ මුල් පිටුවෙම සඳහන් වෙන්නෙ කොස් වෙළඳාමේ නිරත වෙච්චි විශ්‍රාමික හමුදා බලලත් නිලධාරියෙක් කිව්වායි කියලා අරුණට ක්ලීන් ශ්‍රී ලංකා යටතේ පාරේ බිස්නස් කරන්න බෑ, පාර අයිනේ බිස්නස් කරනවා නම් රජයට බදු අය කරනවා, රජය මේවා කරන්නැයි කියලා අතුරුගිරිය පොලීසිය ඇවිල්ලා නඩුවක් දැම්මා 8 වෙනිදා උසාවි එන්න කියලා. මේ විදියට ක්ලීන් ශ්‍රී ලංකා යටතේ කාවහරි අත් අඩංගුවට ගන්න කියලාහරි නඩු පවරන්න කියලාහරි උපදෙස් දීලාත් නෑ. ඒ වගේම මේ විදියට උසාවි ගේන්න කියලා කියලාත් නෑ. ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය පිළිබඳව ජනතාව තුළ අප්‍රසාදයක් හදන්න ද්වේශ සහගතව තමන්ගෙ මාධ්‍ය භාවිතා කරපු අවස්ථාවක් තමයි මේක. පුවත්පතේ අයිතිකරු දිලිත් සුසන්ත ජයවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දැන්. දිලිත් ජයවීර මහතාට අයිති මේ පුවත්පත දිගින් දිගටම සැලසුම් සහගතව යම් ව්‍යාපෘතියක් දියත් කරමින් ඉන්නවා කියලා රට වට්ටන්න. අපි ඉල්ලලාත් නැතිව තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පත්කරලා තියෙනවා. ඒ ජනවරමේ තිබෙන්නේ ජාතික සමගිය ආරක්ෂා කරන්න. මේ පාරේ කොස් විකුණන අයට නඩු දැම්මාය කියන එක පැහැදිලිවම අසත්‍යය ප්‍රවෘත්තියක්. සිදුවීම වෙලා තියෙන්නෙ පනාගොඩ කනිෂ්ට විද්‍යාලයට සහ පරාක්‍රම මහා විද්‍යාලයට ආසන්න පාරේ යම් සිදුවීමක් වෙලා තියෙනවා. පදික වේදිකාවේ වෙළඳාම් කිරීම සහ මැසි මදුරුවන් බෝ වෙන ස්ථාන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පැමිණිලි ලියාගෙන තිබෙනවා ඒ ස්ථානයේදී. නඩු පැවරීම් කිසිවක් වෙලා නෑ. ඊටපස්සෙ මේ අය පොලීසියට ආවාම අතුරුගිරිය පොලිස් ස්ථානාධිපතිතුමා ඒ අයට අවවාද කරලා යවලා තියෙනවා. හැබැයි මෙවැනි ආකාරයට යම්යම් කූඨ අරමුණු සහිතව ඉතාම අශිෂ්ට ආකාරයට යම්කිසි කෙනෙක් තමන්ගෙ ව්‍යාපාරික හෝ දේශපාලනික අරමුණු වෙනුවෙන් තමන්ගෙ පුවත්පත් හෝ නාලිකා මෙහෙයවනවා නම් ජනතාව වෙනුවෙන් රජයට තියෙනවා අයිතියක් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න. ඒකට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම්. කලින් පැවති ජඩ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න තමයි අපි ඇවිල්ලා ඉන්නෙ. මේ විදියට රටක් ඉස්සරහට යන්න, රට නැගී සිටින්න, රට හුස්මගන්න පටන් ගත්ත වෙලාවේ ඒක කඩාකප්පල් කරන්න දේශපාලන අරමුණින් කටයුතු කරනවා නම් ඒක රටට කරන ද්‍රෝහීකමක් හැටියට මම කියන්න කැමතියි”

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 03) හදිසියේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...

ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයෙක් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් රු. ලක්ෂ 10ක්

කොළඹ LNW:අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර සහ නායයාම්...

ශ්‍රී ලංකාව ආශ්‍රිත “දිට්වා” සුළිකුණාටුව පිලිබඳ රතු අනතුරු ඇඟවීම් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවර ගිනිකොණ දෙසින් පැවති ගැඹුරු...