වැලිගම වෙඩිතැබීමක්. අයෙක් මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වැලිගම, කප්පරතොට, වල්ලිවල මාර්ගයේදී අද (දෙසැම්බර් 04) අලුයම වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.

එම මාර්ගයේ පයින් යමින් සිටි පස් දෙනෙකුට යතුරුපැදි තුනකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් වෙඩිතබා ඇති අතර දෙදෙනෙකුට පමණක් වෙඩි වැදී ඇත.

එහිදී එක් අයෙකු මියගොස් අනෙක් පුද්ගලයා තුවාල ලබා ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වැලිගම, පන්සල වත්ත, ජෝති කොරටුව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයකු බව සඳහන්.

තුවාල ලැබූ පුද්ගලයා වැලිගම වලාන රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඔහු මාතර මහ රෝහල වෙත මාරුකර යවා ඇත.

වෙඩිතැබීම සඳහා T 56 ගිනිඅවියක් භාවිතා කර ඇති බවත් වාර්තා විය.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...

තායිලන්ත මහ මැතිවරණයෙන් Bhumjaithai පක්ෂය අනපේක්ෂිත හා විශිෂ්ට ජයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත මෙතනින් අසන්න... තායිලන්තයේ...