කැරම් බෝඩ් දූෂණ නඩුව සහ මහාධිකරණ තීන්දුව….

රෂිකා හෙන්නායක මාර්තු 30, කොළඹ LNW :

2015 ජනාධිපතිවරණ සමයේ රජයේ මුදල් අවභාවිත කරමින් කැරම් සහ දාම් පුවරු බෙදාහැරීමේ චෝදනාවට අදාළ නඩුවට අනුව, මෙහි ප්‍රධාන විත්තිකරුවන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.

මීට පෙර අල්ලස් පනත යටතේ දඬුවම් නියම වී ඇති බැවින් මෙම නඩුව පවත්වාගෙන යා නොහැකි බව විත්ති පාර්ශවය තර්ක කළද, නව චෝදනා අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ගොනු කර ඇති බැවින් ඒවා එකිනෙකට වෙනස් බව විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

මේ අතර, මෙම නඩුවේ තවත් විත්තිකරුවෙකු වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි නිදහස් කිරීමට ද අධිකරණය පියවර ගෙන ඇත.

ඒ අනුව, රුපියල් මිලියන 39ක රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධ මෙම නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට අධිකරණය අවසර ලබා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...