162 කොමිස් කතාව කියපු කෙනාගෙන් අහගන්න. 102ක බද්දක් නම් ගහනවා – තෙල් මිල ගැන ඇමති වසන්ත කියන කතාව

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය රජය සමයේ ඉන්ධන ලීටරයකින් රුපියල් 162ක කොමිස් මුදලක් කිසිවකුගේ සාක්කුවට ගිය කතාවක් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර නොමැති බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමති වසන්ත සමරසිංහ මහතා පවසයි.

ප්‍රශ්නය – ජනතාවගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා අලුත් අවුරුද්ද උදාවත් එක්ක ඉන්ධන මිල අඩුවෙයි කියලා ?

“මිල සූත්‍රය හැම මාසෙම ක්‍රියාත්මක වෙනවා. අඩු කරන්න පුළුවන් සියලු සහන, බඩු මිලත්, තෙල් මිලත්, අනෙකුත් පහසුකමුත් සහනත් ලබාදෙන්න ආණ්ඩුව කටයුතු කරනවා”

ප්‍රශ්නය – පහුගිය ආණ්ඩුව කාලෙ රුපියල් 162ක කොමිස් මුදලක් ගියා, ඒක මොකද තත්වේ ?

“කාටද කොමිස් මුදලක් ගියා කියලා කියන්නෙ ?”

ප්‍රශ්නය – විෂය භාර ඇමතිවරයාට රුපියල් 162කින් අඩුකරන්න පුළුවන් කියලා කිව්වෙ ඇවිල්ලා ඒ කාලෙ ?

“ඔබ කියන්නෙ කාටද දන්නෑ ඔය කතාව ? ඒක කියපු කෙනාත් එක්ක තමා කියන්න ඕනෙ”

ප්‍රශ්නය – ජනාධිපතිතුමාම තමයි කිව්වෙ, වරායෙ ඉඳන් ගෙන්වනකොට 162ක් යනවා කියලා සාක්කුවකට …

“නෑ, ජනාධිපතිතුමා එහෙම කතාවක් කිව්වෙ නෑ. ජනාධිපතිතුමා කිව්ව කතාවෙ ගාණත් එක්ක වැරදියි මං හිතන්නෙ ඔය කියන කතාව. රුපියල් 102ක බද්දක් තියෙනවා. ඒකෙ තියෙනවා ණය ගෙවීම වෙනුවෙන් තෙල් ලීටරයකින් රුපියල් 50ක අය කරන මුදලක් තියෙනවා. තෙ ලීටරයකට ඒ මුදලත් එකතු කරලා තමයි තෙල් ලීටරයක මිල නියම කරන්නෙ. තෙල් මිලෙන් විතරක් නෙවෙයි එළඹෙන අයවැයත් එක්ක ජනතාවට බලාපොරොත්තු තබාගත හැකි බොහෝ දේවල් රජයෙන් දෙනවා”

වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 03) අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ පිහිටි රජයේ වී ගබඩාවේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...