දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත බදු අදායමක්!

Date:

කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් ඉතිහාසයේ වාර්තා කළ ඉහළම බදු අදායම 2024 වසරේදී වාර්තා කර තිබේ.

ඒ අනුව 2024 වසරේ බදු ආදායම රුපියල් ට්‍රිලියන 1.95 ක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය 2023 වසරේ වාර්තා කළ රුපියල් ට්‍රිලියන 1.56 ක බදු ආදායම හා සසදා බැලීමේ දී එය 25.1% ක වර්ධනයක් ලෙස දැක්වෙයි.

2024 වසරේ දී ආදායම් බදු එකතු කිරීම රුපියල් බිලියන 1,023 ක් වන අතර 2023 වසරට සාපේක්ෂව එය රුපියල් බිලියන 112.1 ක වැඩි වීමකි.

එකතු කළ අගය මත බද්ද (වැට්) හරහා 2024 වසරේ දී උපයා ඇති ආදායම රුපියල් බිලියන 714.7 ක් ලෙසද දැක්වෙයි.

2023 වසරේ දී වැට් බදු මගින් උපයා තිබුනේ රුපියල් බිලියන 245.5 ක් වන අතර සමාජ ආරක්ෂණ බද්ද මගින් රුපියල් බිලියන 187 ක් ද, සූදු බද්ද හරහා රුපියල් බිලියන 14.9 ක් ද, කොටස් ගනුදෙනු සදහා පනවා ඇති බද්දෙන් රුපියල් බිලියන 3.1 ක් ද දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව උපයා ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...