දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත බදු අදායමක්!

Date:

කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් ඉතිහාසයේ වාර්තා කළ ඉහළම බදු අදායම 2024 වසරේදී වාර්තා කර තිබේ.

ඒ අනුව 2024 වසරේ බදු ආදායම රුපියල් ට්‍රිලියන 1.95 ක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය 2023 වසරේ වාර්තා කළ රුපියල් ට්‍රිලියන 1.56 ක බදු ආදායම හා සසදා බැලීමේ දී එය 25.1% ක වර්ධනයක් ලෙස දැක්වෙයි.

2024 වසරේ දී ආදායම් බදු එකතු කිරීම රුපියල් බිලියන 1,023 ක් වන අතර 2023 වසරට සාපේක්ෂව එය රුපියල් බිලියන 112.1 ක වැඩි වීමකි.

එකතු කළ අගය මත බද්ද (වැට්) හරහා 2024 වසරේ දී උපයා ඇති ආදායම රුපියල් බිලියන 714.7 ක් ලෙසද දැක්වෙයි.

2023 වසරේ දී වැට් බදු මගින් උපයා තිබුනේ රුපියල් බිලියන 245.5 ක් වන අතර සමාජ ආරක්ෂණ බද්ද මගින් රුපියල් බිලියන 187 ක් ද, සූදු බද්ද හරහා රුපියල් බිලියන 14.9 ක් ද, කොටස් ගනුදෙනු සදහා පනවා ඇති බද්දෙන් රුපියල් බිලියන 3.1 ක් ද දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව උපයා ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...