චීනයේ සෞඛ්‍ය සේවා අර්බුදයක; හදිසි තත්වයක් ප්‍රකාශ කිරීමට සැරසේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : චීනයේ මේවන විට ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින HMPV (Human Metapneumovirus) වෛරස් හේතුවෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට සැරසෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ආසියානු රටවල් ගණනාවකට බලපාන කලාපයක මෙම ස්වසන වෛරසය ව්‍යාප්ත වීම සෞඛ්‍ය විශේෂඥයින් අතර කනස්සල්ලට හේතු වී ඇති අතර මෙය මාරාන්තික Covid-19 වසංගතය පැතිරී වසර පහකට පසු චීනය මුහුණ දෙන ප්‍රධාන වෛරසයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පසුගිය නොවැම්බර් මාසයේදී චීනයේ ශ්වසන රෝගීන්ගේ වර්ධනය වීම සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කළ අතර මේ සම්බන්ධයෙන් චීනයේ ජාතික රෝග පාලන සහ වැළැක්වීමේ පරිපාලනය (NCDPA) නොදන්නා සම්භවයක් ඇති නියුමෝනියාව හඳුනා ගැනීම සහ කළමනාකරණය කිරීම අරමුණු කරගත් නියමු නිරීක්ෂණ පද්ධතියක් දියත් කර ඇති බවයි.

එහි සඳහන් 2024 අවසාන සතිය දක්වා දත්ත වලට අනුව, චීනයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ නිල වාර්තා පෙන්වා දෙන්නේ, චීනයේ බහුවිධ ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග අනුපාතය වැඩි වෙමින් පවතින බවතින අතර දරුණු ශ්වසන රෝගයකින් රෝහල් ගත කළ පුද්ගලයින්ගෙන් සියයට 17.7 ක් එයට ධනාත්මක බව තහවුරු වී ඇති බවයි.

HMPV (Human Metapneumovirus) වෛරස් රෝගය යනු මධ්‍යස්ථ උණ වැනි රෝග ලක්ෂණ ඇති කරන ශ්වසන වෛරසයකි. මෙය වයස අවුරුදු 14 ට අඩු දරුවන් අතර වේගයෙන් ව්‍යාප්ත වන තත්වයක් දක්නට ලැබේ.

මෙය වැළඳුනු විට උණ, කැස්ස, නාසයෙන් දියර ගැලීම සහ හුස්ම හිරවීම ඇතුළු අනෙකුත් ශ්වසන වෛරස් වල රෝග ලක්ෂණ දක්නට ඇති අතර HMPV විශේෂයෙන් ළමුන් තුළ නියුමෝනියාව ඇති විය හැක. මෙම වෛරසය RSV, සරම්ප සහ කම්මුල්ගාය වැනි අනෙකුත් ශ්වසන වෛරස් රෝග වලට සමාන වන අතර ජල බිඳිති සහ සමීප ශාරීරික සම්බන්ධතා ,රසයෙන් දූෂිත මතුපිට සහ වස්තූන් ස්පර්ශ කිරීමෙන් පසුව මුඛය, නාසය හෝ ඇස හරහා පැතිරෙයි.

කෙසේ නමුත්, වසංගතයක අවදානම නිවැරදිව පුරෝකථනය කිරීමට චීනයේ HMPV පැතිරීමේ ප්‍රමාණය සහ බරපතලකම පිළිබඳ විශ්වාසදායක මූලාශ්‍රවලින් ප්‍රමාණවත් තොරතුරු නොමැති අතර, HMPV යනු මෑතකදී හඳුනා ගත් වෛරසයක් බැවින්, ඒ සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් හෝ එන්නතක් නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලයන්ස් හයවන පිම්ම ඕමානයට

නිශ්මං රණසිංහ අගෝස්තු 05, කොළඹ LNW: ශ්‍රී ලයන්ස් කියන්නෙ ලංකාවෙන් පිට...

පේරු හි සිත් ගත් “Inca Kola”

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කොකා-කෝලා වඩාත්ම ජනප්‍රිය...

පොලිස් ඇමති දේශබන්දුට ගහපු ගැහිල්ල!

කොළඹ LNW:දේශබන්දු තෙන්නකෝන් මහතා මේ රටේ බිහිවූ අපකීර්තිමත්ම පොලිස්පතිවරයා...

කළු සුදු පින්තූරකරණයට වර්ණයක් ලබා දුන් 2025 AAP සඟරා සම්මාන උළෙලේ රහ තැන්!

සටහන – පුලී අගෝස්තු 05, කොළඹ (LNW): කළු සුදු ඡායාරූපකරණයේ...