කයිවාරු හකුළාගෙන විමල් පසුබසී – මාධ්‍යයට උත්තර නොදීම මාරුවෙයි ! (VIDEO)

Date:

පසුගිය මාස කිහිපය තුළ ආණ්ඩුව තුළම අභ්‍යන්තර කැරැල්ලක් ආරම්භ කරමින් සිටි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ වනවිට සිය ප්‍රහාරාත්මක ප්‍රවේශය හකුළාගෙන පසුබැස සිටින ආකාරයක් පෙනේ.

පසුගිය දින කිහිපයේම ඔහු මාධ්‍ය හමුවෙහි පෙනී සිටියේ ද නැත.

ඊයේ (03) දිනයෙහි වැඩ ආරම්භ කිරීම සඳහා ඒ මහතා පැමිණෙද්දී ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ කිසිම ප්‍රශ්නයකට පිළිතුරු නොදී මඟහරිමින් කඩිනමින් ඉවත්ව යනු දැකගත හැකිවිය.

ආණ්ඩුව තුළ මෙම කැරලිකාරී කල්ලියෙහි කැපී පෙනෙන නායකයින් වූයේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් වන අතර මේ වනවිට උදය ගම්මන්පිල මහතා මේ කණ්ඩායමෙන් ඉවත්ව වෙනම ගමනක් ආරම්භ කර ඇති බවත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි.

වෙනදාට මාධ්‍ය දුටු සැණින් ආණ්ඩුවේ පතුරු අරින විමල් වීරවංශ මහතා ඊයේ දිනයේදී වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ළඟ එන කැබිනට් සංශෝධනය නිසාදැයි අප දන්නේ නැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ රු. බි. 06ක ලාභය භාණ්ඩාගාරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : ලංකා ඛනිජතෙල් නීතිගත...

මාලිමා මන්ත්‍රී එක්ක පටලැවිල්ලක් හැදුණු කොස්තාපල් අත්අඩංගුවට!

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇති වූ පහරදීමේ...

පශ්චාත් ආපදා කළමනාකරණය:ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් ගැන ලෝක ආර්ථික විශේෂඥයින්ගෙන් ඉල්ලීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විශේෂඥ ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු...

මැණික් සමඟ කොටු වූ ගුවන් මඟී දෙදෙනා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : මැණික් තොගයක්...