අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ සියලු බදුවලින් නිදහස් කෙරේ !

0
308

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ සියලුම බදුවලින් නිදහස් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

ඊයේ (03) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මීට අනුමැතිය හිමිව ඇති අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මක කෙරෙන බව සඳහන්.

රටේ පවතින බඩුමිල ඉහළ යෑම හමුවේ ජනතාව පත්ව සිටින ආර්ථිකමය පීඩනය අවම කිරීම සඳහා මෙම බදු සහනය ලබාදී ඇත.

මේ පිළිබඳ කරුණු පැහැදිලි කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ අවශ්‍ය අවස්ථාවලදී දේශීය නිෂ්පාදකයින් රැකගැනීම සඳහා ඇතැම් ආනයන භාණ්ඩවලට ඒ ඒ මොහොතට අදාළව ( උදාහරණ – අස්වනු නෙළන සමය ) බදු පැනවීම ඒ ඒ අමාත්‍යාංශ වෙත භාරදී ඇති බවයි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here