කයිවාරු හකුළාගෙන විමල් පසුබසී – මාධ්‍යයට උත්තර නොදීම මාරුවෙයි ! (VIDEO)

Date:

පසුගිය මාස කිහිපය තුළ ආණ්ඩුව තුළම අභ්‍යන්තර කැරැල්ලක් ආරම්භ කරමින් සිටි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ වනවිට සිය ප්‍රහාරාත්මක ප්‍රවේශය හකුළාගෙන පසුබැස සිටින ආකාරයක් පෙනේ.

පසුගිය දින කිහිපයේම ඔහු මාධ්‍ය හමුවෙහි පෙනී සිටියේ ද නැත.

ඊයේ (03) දිනයෙහි වැඩ ආරම්භ කිරීම සඳහා ඒ මහතා පැමිණෙද්දී ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ කිසිම ප්‍රශ්නයකට පිළිතුරු නොදී මඟහරිමින් කඩිනමින් ඉවත්ව යනු දැකගත හැකිවිය.

ආණ්ඩුව තුළ මෙම කැරලිකාරී කල්ලියෙහි කැපී පෙනෙන නායකයින් වූයේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් වන අතර මේ වනවිට උදය ගම්මන්පිල මහතා මේ කණ්ඩායමෙන් ඉවත්ව වෙනම ගමනක් ආරම්භ කර ඇති බවත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි.

වෙනදාට මාධ්‍ය දුටු සැණින් ආණ්ඩුවේ පතුරු අරින විමල් වීරවංශ මහතා ඊයේ දිනයේදී වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ළඟ එන කැබිනට් සංශෝධනය නිසාදැයි අප දන්නේ නැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් විනාශ වූ රථ වාහන සම්බන්ධව තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : ආපදාවෙන් විනාශ වූ...

ආපදාවට ලක්වූ රූපලාවන්‍යාගාර යළි යථා තත්වයට පත්කරගැනීමට Dreamron වෙතින් අත්වැලක් !

පසුගිය දිනවල දිවයින පුරා පැවති ආපදා තත්වය හේතුවෙන් හානියට...

ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස 5000 ඉක්මවයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස...

රුහුණු කතරගම මහා දේවාලයේ අභිනව බස්නායක නිළමේවරයා පත් වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : අද (09) පැවති...