ඒ ළමයි බලන්න එපා නෝනා !

Date:

මේ කථාව මට ලියන්න මතක් වුණේ හසු මල්ලි එක්ක අද උදේ මේ ගැන වෙච්චි කථාවක් නිසා.
ඒ කාලේ අපේ ළමා රෝග ක්ලිනික් එකට ආපු විශේෂ ආබාධ සහිත දරුවෝ කීපදෙනෙක්ම හිටියා. මගේ ආලවට්ටම කථාවට ඉතින් සෙරමල්ලා හරිම යාලුයි මා එක්ක. කාරුණික වෙන ඒක ඇත්තට ම මිනිස්සු න් ට උගන්වන්න ඕනේ කියා හිතෙන්නේ රෝහල් වලදී ඉස්සර ප්‍රසව හා නාරි ඒකකයේ වැඩ කරද්දී උතුරු කොනේ ලොකු මිස් කියන්නෙත්… “ඩොක්ටර් ඉතින් අම්මලා ටික නලවාලා බබාල කරලා සූප්පු ගහලා යනවා අම්මලා බබාල වුණාම අපිට තමා කරදරේ ඉන්පස්සේ” කියලා.

වෝඩ් රවුන්ඩ් ඉවර කරලා එද්දී අහනවා “ඔයාගේ බබලා ටික නැලෙව්වද ?” කියලා.
“අනේ ඒ අය පව් මිස්” කියා ගත්තු ගමන්නේ අපි ඉන්නේ.

එහෙම කියලා ඒ විදිහ වෙනස් වුණේ නෑ කොළඹට ආවමත්. ඉතින් කලින් මම කලින් ලීව කතාවල හිටිය ලාවන්යා වගේම තමා අනිත් ළමයිනුත් හරි යාලුයි.

එහෙම එන ඩවුන්ස් සින්ඩ්‍රෝමය තිබ්බ එක පුතෙක් මම එයාගේ හර්දය පෙනහළු සේරටම නලාව තිබ්බ ට පස්සේ එයා ම නලාවේ බෙල් කොටස අරන් ඔළුවට තියලා කියනවා එයාගේ ඔලුව බලන්න එතනයි ප්‍රශ්නෙ කියලා. බොහෝවිට මෙයාලා අභිනයෙන් පෙන්වන්නේ දේවල්.

ඒ තමා ඒ දරුවාට එයා ගැන තියෙන වැටහීම. මේවා එක්ක බොහෝවිට හිත ඇතුලෙන් අඬමින් කඳුළු උනන ඇස් දෙක හංගාගෙන වැඩ කරන්නේ.

දවසක් මම බලද්දී ක්ලිනික් එකේ කාලගොට්ටියක්… ඒ දරුවෙක්ට මා ළඟට යන්න එපා අනික් වෛද්‍ය වරිය ළඟට යන්න කියලා. මාවම හොයාගෙන ඇවිත් මම නැත්නම් බෑ කියලා ළමයා අම්මගේ අතින් ඇදගෙන යන්න හදනවා.
“ඩොක්ටර් ඉන්න තත්ත්වේ අනුව ඔහොම ළමයි බලන්න හොඳ නෑ” වැඩිහිටි සේවිකාව එහෙම කරුණු දක්වනවා. මම ගර්බණි එතකොට.

“අනේ මොනවටද එහෙම කරන්නේ. ඔය වගේ ළමයි බල බල තමා කාලේ ගෙවෙන්නේ. කිසි ප්‍රශ්ණයක් නෑ. බඩේ ඉන්න කෙනා හැදෙන විදිහකට හැදෙයි. ඇරත් ජාන සහ කර්ම සැකැස්ම අපට වෙනස් කරන්න බෑනේ ” වගේ අදහස් ගොඩක් කීවා මම.

මගේ යෙහෙළිය රන්දිකාගේ පුතා අසනීප වුණාම එයා එක්කම ඇඩ්මි වුණේ මගේ වාට්ටුවෙ.
රන්දිගේ දරුවා හිටපු ඇඳට එහා ඇඳේ හිටියේ cerebral palsy නිසා ආබාධිත තත්තවය ට පත්වූන බබෙක්. ඒ අම්මත් රන්දිකට කියලා තිබ්බා මේ දරුවා දිහා බලන්න එපා ඔයාට හොඳ නෑ කියලා … මොකද රන්දිකාත් ගර්බණි තත්ත්ව යෙන් හිටියේ එවෙද්දි.

අන්න එහෙමයි හැටි මේ සමාජයේ… ඇයි අපි ඒ දරුවොන්ට වෙනම සලකන්නේ ? ඇයි අපි සුබ දේ අසුබ දේ කියා ඒ දරුවන් බලන්නවත් හොඳ නැති අය ලෙස වර්ගීකරණය කරන්නේ. එහෙම දරුවෝ බැලුවා කියා කුසේ ඉන්න දරුවා එහෙම වෙනවා කියා බොරු ආකල්ප වැරදි අදහස් සමාජය තුළ ස්ථාපිත වුණේ කොහොමද ?

මට මතකයි තව අපේ වෛද්‍යවරයෙක් වුණ උදිත අයියා කියන කථාවක්. “එහෙම බබලා හරිම වාසනාවන්තයෝ. පවුලටම වාසනාව ගෙනාවා. මෙයාලව හොදින් බලාගන්න . ඔයාලා බලන්න ඔයාලගේ පවුලම දියුණු වෙනවා” කියලා එයා ඒ අලුත් අම්මලාට තාත්තලාට කියනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...