සුසිල්ට අත තිබ්බට ලංසට අත තියන්නෙ නෑ – මෛත්‍රීගෙන් ආණ්ඩුවට දෝස්මුරයක්

Date:

2022 වසරේදී ආණ්ඩුව තුළ දැවැන්ත පිපිරීමක් සිදුවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. එම පිපිරීම සුසිල් ප්‍රේම්ජයන්ත මහතාගේ අස් කිරීමෙන් නතර කළ නොහැකි බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පොළේ ගොස් සිටියදී ආණ්ඩුවට එල්ල කළ එකම හයේ පහරෙන් පැය 24 ක් තුළ ඔහුට ගෙදර යාමට සිදු වූ බවත්, කෙසේ නමුත් නිමල් ලංසා මහතා පසුගියදා ගම්හපදී ආණ්ඩුවට එරෙහිව පිට පිට හයේ පහර දෙකක් එල්ල කළ බවත් සිරිසේන මහතා පවසනවා. කෙසේ නමුත් සුසිල්ට තැබූ අත ලංසාට තැබීමට ආණ්ඩුවේ නායකයන් සූදානම් නොමැති බවත්, නිමල් ලංසා මහතා තවමත් ඇමතිවරයෙකු ලෙස කටයුතු කරන බවත් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

නිමල් ලංසා මහතා ඉවත් කළහොත් සිදුවන්නේ කුමක්ද යන්න ආණ්ඩුවේ නායකයන් හොඳින්ම දන්නා බවද හිටපු ජනාධිපතිවරයා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අණ්ඩුවේ දෙවැනි ප්‍රධානම පාර්ශ්වය මෙන්ම පාර්ලිමේන්තුවේ තෙවැනි විශාලතම කණ්ඩායම බව පෙන්වා දෙන මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ එය සියලු දෙනාම තේරුම් ගත යුතු බවයි.

UN

https://www.facebook.com/NewsfirstSL/videos/656122745411755

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...