*
Thursday, April 18, 2024
spot_img

Latest Posts

සල්ලි දන්සැල හූව මකන්නද?

මහපොළ සංවත්සර උත්සව අවස්ථාවේදී මහපොළ ශිෂ්‍යත්වලාභීන්ට උත්සවාකාරයෙන් පළමු ශිෂ්‍යත්ව දීමනාව ලබා දෙන එක කාලයක් තිස්සේ සිදු වුනු වැඩක්. මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමයේ නිර්මාතෘ කාලයක් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති සේ කටයුතු කළ ලලිත් ඇතුලත්මුදලි බව කවුරුත් වගේ දන්නවා ඇතිනේ. ඉතිං විය යුතු පරිද්දෙන්ම ඔය උත්සව අවස්ථා වලදීත් වැඩි තැනක් ලැබුණේ ලලිත් ඇතුලත්මුදලිටයි.

මහපොළ දහවෙනි සංවත්සරේ පැවැත්වුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය නගරයක. හැබැයි ඔය වෙද්දී ලංකාවේ දේශපාලනයේ සුවිශේෂී පෙරළියක් වෙලා. හැත්තෑ හතේ සිට එක දිගට අපරාජිතව හිටපු එජාපය දෙකඩ වෙලා. ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ජීඑම් ප්‍රේමචන්ද්‍ර වගේ එජාප දැවැන්තයෝ ජනාධිපති ප්‍රේමදාසට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන එමින් පක්ෂය ඇතුළේ විශාල කැරැල්ලක් ගහලා.

මේ වැඩෙන් රට පුරා හිටපු එජාප විරෝධීන් ප්‍රීතියෙන් පිනා ගිහිනුයි හිටියේ. වසර දෙකකට පසුව එජාප ආණ්ඩුව වට්ටවන්න පුළුවන් වුණෙත් පක්ෂයේ වූ මේ බෙදීම නිසා. ශිෂ්‍යත්ව ප්‍රදානය නිසා මහපොළ උත්සව භූමිය සරසවි සිසුන්ගෙන් පිරිලා. සරසවි සිසුන් අති මහත් බහුතරය ආණ්ඩු විරෝධීන් හා එජාප විරෝධීන් බව කියන්නත් දෙයක් නෙමෙයිනේ. ජනාධිපති ප්‍රේමදාස එක්ක තිබුණු තරහත් එක්ක ලලිත් ඇතුලත්මුදලි ඇතුළු කණ්ඩායම හිටිවනම යම් තරමකින් හෝ සරසවි සිසුන්ගේ වීරයන් වෙලා. සතුරාගේ සතුරා මිතුරාය කියනවනේ.

ප්‍රධාන ආරාධිතයා ජනාධිපති ප්‍රේමදාස වුවත්, සංවිධායකයින්ට ලලිත් ඇතුලත්මුදලිට මහපොළ සංවත්සර වේදිකාවට ආරාධනා නොකර ඉන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඔහු වේදිකාවට ගොඩවන විට විශාල ලෙස එක් රැස්වී සිටි සරසවි සිසුන් ඇතුළු ජනකායෙන් නැඟුනේ දීර්ඝ, උත්කර්ෂවත් අත්පොළසන් නාදයක්. ඒ වන විටත් ජනප්‍රියත්වයෙන් පිරිහී සිටි, සරසවි සිසුන්ගේ ප්‍රසාදය කොහොමටත් දිනා නොසිටි රාජ්‍ය නායකයාට ලැබුණේ මෙවැනි පිළිගැනීමක් නොවන බව කියන්නත් දෙයක් නැහැනේ.

ලංකාව වගේ විශාල රජයක් තිබෙන රටක රාජ්‍ය නායකයාගේ හැඟීම් එක්ක සෙල්ලම් කරනවා කියන්නේ නිකම්ම මනුස්සයෙක්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කිරීමක් නෙමෙයිනේ. ඔය වගේ දෙයක ප්‍රතිඵලය රටටම දැනෙන එකක් වෙන්න පුළුවන්. මේ අවස්ථාවේදීනම් ප්‍රතිඵලය දැනුනේ සරසවි සිසුන්ගේ මුදල් පසුම්බියට. නරක ප්‍රතිඵලයක් නෙමෙයි. මහපොළ දීමනාව එකපාරම සැලකිය යුතු ලෙස වැඩි වුනා. කාලයක් තිස්සේ ආණ්ඩුව විසින් සත පහකට මායිම් නොකළ සිසුන්ගේ ඉල්ලීමක් ක්‍රියාත්මක වෙන්න ගියේ මිනිත්තු ගානයි.

ටික දවසකට කලින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හූ පාරක් කාපු කතාව කවුරුත් දන්නවනේ. ලංකාවේ රාජ්‍ය නායකයෙකුට ඔය සම්මානය ලැබෙන එක සුලබ දෙයක් නෙමෙයි. ඒ නිසා නිසා හෝ වෙනත් හේතුවක් නිසා ආණ්ඩුව එක පාරම සල්ලි දන්සැලක් දාලා.

බැසිල් රාජපක්ෂ නිවේදනය කර තිබෙන විදිහට ලක්ෂ 21කට වැඩි රාජ්‍ය සේවකයන්ට හා රජයේ විශ්‍රාමිකයන්ට වසරකට රුපියල් 60,000ක දීමනාවක් ලැබෙනවා. මුළු වියදම රුපියල් බිලියන 127ක් බවයි කියන්නේ. ලක්ෂ 17ක් වන සමෘද්ධිලාභීන්ගේ දීමනාවත් වැඩි කරලා. එතැනත් අඩු වශයෙන් රුපියල් බිලියන 20ක වියදමක්. ලැයිස්තුව තව දිගයි. මුළු වියදම රුපියල් බිලියන 200ක් පමණවත් වෙන්න පුළුවන්. සත පහක්වත් බදු වැඩි කරන්නෙත් නැහැ කියනවා.

මහ බැංකුවේ සංචිතත් හිටිවනම ඩොලර් බිලියන 1.5කින් වැඩි වෙලා. මැණික් මල්ලක්වත් හම්බ වෙලා ඇමරිකාවට ගෙනත් වෙන්දේසි කළාද කියලා හොයලා බැලුවත් ආරංචියක් නැහැ. කොහෙන් හරි ඩොලර් බිලියනයක් ලැබුණානම් එතැනම රුපියල් බිලියන 200ක් තියෙනවනේ. එහෙම කොහෙන් හරි සල්ලි ලැබුණද? කට්ටකාඩුවේ ලියල තිබුණු අරාබි නිසොල්ලාසයේ වෙළෙන්දාගේ සත්තුන්ට කතා කරන රහස වගේ කාටවත් කියන්න බැරි විදිහේ රහසක්වත්ද?

පසුගිය වසරේ අවසන් මාස තුන තුළ පමණක් කොළඹ පාරිභෝගික මිල දර්ශකය 7.4%කින් ඉහළ ගිහින්. ඒ අනුපාතයට තව මාස නවයක් මිල දර්ශකය ඉහළ ගියොත් උද්ධමනය 32.8% මට්ටමට යනවා. ඒ මෙතෙක් අච්චු ගහපු සල්ලි වල ප්‍රතිඵල. හූව මකා ගන්න හෝ වෙනත් හේතුවකට සල්ලි දන්සැල දැම්මේ අච්චු ගහලා නෙමෙයි කියලා හිතලා අපි හිත හදා ගනිමු!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan