වසරකට කලින් බංකොලොත් වූ රටක මහාභාණ්ඩාගාරය වසරක් තුළ පිරෙන්නෙ අපේ අවංකත්වය නිසා – ඇමති වටගල

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගය බලයට පැමිණ ගතවූ වසරක කාලය තුළ ආණ්ඩුවට කිසිදු දූෂණ චෝදනාවක් එල්ල වීමට ඉඩතබා නොමැති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

“ජනාධිපතිවරයා දූෂිතයෙක් නම් කැබිනට් මණ්ඩලය ඉබේම දූෂිත වෙනවා. අපි ඇවිල්ලා වසරක් වෙනවා, කිසිකෙනෙකුට ඇඟිල්ල දික්කරන්න අපි ඉඩ තියලා නෑ. දූෂිත නිලධාරීන් ඉන්නවා නම් අපි ඔවුන් පසුපස හඹාගෙන ගිහිල්ලා අපි ඔවුන්ගේ සේවා තහනම් කරලා තියෙනවා. සුරාබදු එක මීට කලින් ආණ්ඩු යටතේ අන්ත දූෂිත තැනක්. නමුත් මේ පරිවර්තනය ඇතුළෙ ලාබ ලබලා තියෙනවා. වසරකට කලින් බංකොලොත් වූ රටක්, මහාභාණ්ඩාගාරය හිස්වූ රටක් කොහොමද වර්ෂයක් ඇතුළෙ මහාභාණ්ඩාගාරය පිරෙන්නෙ ? අවංකත්වය නිසා, තනි වචනයෙන් කිව්වොත්”

සුනිල් වටගල මහතා මේ බව පැවසුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට බඳවාගත් නිලධාරීන් 55 දෙනෙකුට පත්වීම් ලිපි ලබාදීම සඳහා පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් මීළඟට අත්පත්කර ගන්නේ ග්‍රීන්ලන්තයද ?

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

BYD සුපිරි චීන සවාරියට ගිය ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන්ට වාහන මිලදී ගැනීමට ඩිස්කවුන්ටුත් දීලා ?

BYD සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය...

කැරකස් සිට නිව්යෝර්ක් අධිකරණය දක්වා; වෙනිසියුලානු ජනාධිපති අද දිනයේ නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...

වැසි තත්වයේ වෙනසක් – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය මේ...