නිශ්මං රණසිංහ ජනවාරි 04, කොළඹ LNW:
දිට්වා ව්‍යසනයෙන් නැගිටීම පහසු නැත.එයට පාට,පක්ෂ කිසිඳු බේදයක් නැතුව සියල්ල එකඟවන එකතුවන වැඩ පිළිවෙළක් අවශ්‍යය කර තිබේ.දැනට රජය පැත්තෙන් ගෙන ඇති වගකීමේ වැඩි බර තබා ඇත්තේ Rebuilding Sri Lanka අරමුදල වෙතයි.එයට රටට වගකියන ආයතනයක් හැටියට ස්වීය දෑත දිගු කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කරමින් සිටින්නේ ක්‍රිකට් ප්‍රේමී ඔබේ දෑතට ද ඉඩක් ඇති කරමින්ය.
එළැඹෙන පකිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී ලැබෙන ආදායම Rebuilding Sri Lanka අරමුදල වෙත පරිත්‍යාග කරන්නට සූදානමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝකයේ වැඩිම වානිජමය වටිනාකමක් සහිත ඉන්දීය කණ්ඩායම සමඟ ද Rebuilding Sri Lanka අරමුදල පෝෂණය කිරීම සඳහා තරග දෙකක් පැවත්වීමට එකඟතාවය ලබා ගෙන ඇත.
ගෙවුණු දෙසැම්බර් 27 සහ 29 යන දෙදිනම මේ තරග පැවත්වීමේ එකඟතාවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සමත් වී ඇතත්,ඒ තරග සංවිධානය කිරීමට තිබුණු කෙටි කාලය තුළ විශාල වශයෙන් ආර්ථික සහයක් Rebuilding Sri Lanka වෙත ලබා දීමේ අපහසුතාවය තේරුම් ගෙන එම තරග ඉදිරියට ගෙන ඒමට තීරණය කර ඇත.
මේ ව්‍යසනයේ පීඩනයෙන් සහ පාඩුවෙන් ගැලවීම සඳහා කළ යුතු ජාතික මැදිහත්වීම සුළු කාලයකින් හමාර කිරීම අපහසු බව පැහැදිළි බැවින්,සාමාන්‍ය ක්‍රියාවලියේ දී එය මතකයෙන් බැහැර යා හැකි ඉඩ වළක්වන අතරේම ඊට අවශ්‍යය සහය සමාජයට සිහිපත් කිරීම සඳහා ද උචිත මොහොතක් ලෙස සළකා එම තරග දෙක අගෝස්තු මාසයේ පැවැත්වෙන ශ්‍රී ලංකා සංචාරයේදී අමතර විස්සයි විස්ස තරග දෙකක් ලෙස පැවත්වීමට කීරණය වී ඇත.
පකිස්තානු සංචාරයේදී ප්‍රේක්ෂකයන් ලෙස ක්‍රිකට් ප්‍රේමීන් මිලදී ගන්නා ප්‍රවේශ පත්‍රයකින් මෙන්ම අගෝස්තු මාසයේ පැවත්වෙන විස්සයි විස්ස විෂේශ තරග දෙකේදී මිලට ගන්නා ප්‍රවේශ පත්‍රයකින් ද භූමියට සහ රටට දක්වන ආදරය දැඩිව පෙන්වීමට හැකියාව උදා කර දී ඇත.රටක් ලෙස දිට්වා ව්‍යසනය ගැන තැවෙන ක්‍රිකට් වින්දනය දැනෙන විඳින ජනතාව වෙත,ඉටු කරන ලද ජාතික වගකීමක් ද සමඟ ක්‍රිකට් විඳින්නට ඉඩ විවෘත කරමින් මේ තරග අවස්ථාවන් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කර තිබේ.


