සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු අත්අඩංගුවට!

0
531

රෂිකා හෙන්නායක ජනවාරි 04, කොළඹ LNW :

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින්, සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු විසින් එම ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව, එම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

ඒ අනුව රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහරණයට ආධාර අනුබල දීමේ චෝදනාව මත ඒ මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.