පුහුණුකරු මුහුණු අලුත් විය හැකි බව ෂම්මි කියයි

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 04, කොළඹ LNW:

නව වසරේ එස්එස්සී ක්‍රීඩා පිටියේ ඉදිකිරීම් නිරීක්ෂණයට ගිය ජනමාධ්‍යෙව්දීන් සමඟ සාකච්ඡාවක් පැවත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකේම දක්ෂතා පිළිබඳ සෑහීමකට පත්වෙන බවයි.එහෙත් එහි පුහුණුකරුවන් සම්බන්ධයෙන් විය හැකි වෙනස්කම් පිළිබඳවද ඔහු ඉඟි සැපයීය.


‘හොඳ අවසාන කිරීමකට යාමේ අඩුවක් තමයි පවතින්නේ‘
උදාහරණ කිහිපයක් අතරට ඔහු ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති අවසන් විස්සයි විස්ස තරග දෙක ද උදාහරණයකට ගත්තේය.
එසේම කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක සමඟ ඇති ගිවිසුම අවසන් වීමට නියමිතව ඇති අතර ෂම්මි සිල්වා පෙන්වා දුන්නේ කාන්තා කණ්ඩායමට විදෙස් පුහුණුකරුවෙකු ගෙන ඒම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙන බවය.


වේගයෙන් පහරදම සම්බන්ධයෙන් කැඳවා ඇති පුහුණුකරු මේ වන විට පිරිමි කණ්ඩායම සමඟ මෙන්ම කාන්තා කණ්ඩායම සමඟ ද වැඩ කරමින් සිටින බව පෙන්වා දුන් ෂම්මි,ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට සියළු පිතිකරණ අංශ කළමණාකරණය වන ආකාරයට ලෝකයේ ඒ සම්බන්ධයෙන් සිටින විශිෂ්ඨතම පිතිකරු පුහුණුකරුවෙකු කැඳවීම කෙරෙහි තමන්ගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාවේ අවධානය යොමු වී තිබෙන බව ද පැවසීය.
අප වෙබ් අඩවිය ද මීට පෙර වර්ථමාන කාන්තා කණ්ඩායමේ පුහුණුකාරිත්වය දීර්ඝ කාලයක් එකට ගමන් කර එම තත්ත්වයෙන් ඉහළට නොපැමිණ රැඳී සිටින බව පෙන්වා දෙමින් එහි වෙනසක් අවශ්‍යයව ඇති බවට අදහස් පළ කළේය.එහෙත් රුමේෂ් රත්නායකගේ දැණුම වෙනත් ආකාරයකට ප්‍රයෝජනය ගැනීම ගැන ක්‍රිකට් පරිපාලනය කල්පනා කළ යුතු බව ද අපේ අදහසය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...