වෙනිසියුලාව වෙනුවෙන් මෙවර ඇමරිකන් විරෝධී කොඩිය ගන්නේ විමල් – ගම්මන්පිලද ?

Date:

ඇමරිකාව විසින් වෙනිසියුලාවට පහරදී එරට ජනාධිපති නිකොලස් මදුරෝ මහතාව පැහැරගෙන යාම මේ වනවිට ලෝකයම කතාවෙන ප්‍රධානතම මාතෘකාව වෙලා තියෙනවා.

වෙනදා නම් සාමාන්‍යයෙන් වෙනිසියුලාවට ඇමරිකාව ලෙඩක් දාපු ගමන් කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ. නමුත් දැන් ඔවුන් මාලිමාව හරහා ආණ්ඩු බලය ලබාගෙන ඉන්න නිසා ඒ සෙල්ලම කරන්න බැහැ. ඒ වගේම තමන්ගෙ අධිරාජ්‍ය විරෝධී – වාමාංශික නම රැකගන්න නම් කටපියාගෙන ඉඳලාත් බැහැ.

අනිත් අතට මේ මොහොතේ ලංකාව ඇතුළේ ඇමරිකන් විරෝධී – අධිරාජ්‍ය විරෝධී – වෙනිසියුලා හිතවාදී සටන වෙනත් පාර්ශ්වයක් අතට ගත්තොත් ඒකත් ආණ්ඩුවට සෑහෙන කරදරයක් වෙනවා. විශේෂයෙන් මේ වෙලාවේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මේ වැඩේට බහීවි කියලා ආණ්ඩුවේ පාර්ශ්වය ටිකක් අවුලෙන් ලු ඉන්නේ. ඊයේ (03) රෑත් ආණ්ඩුවට සම්බන්ධ ඉහළම තැනකත් මේ ගැන සාකච්ඡාවක් සිද්ධ වුණා ලු.

කොහොමින් කොහොමින් හරි අද දවල් වෙද්දී ජනතා විමුක්ති පෙරමුණ ඇමරිකාව කරපු ආක්‍රමණික මැදිහත් වීම තරයේ හෙළාදකිනවා කියලා නිවේදනයක් නිකුත් කරලා තිබුණා. එතනින් විතරක් ජාම බේරාගෙන ඉන්න පුළුවන් වෙයිද කියන එක ගැන කට්ටිය සැකෙන් ලු ඉන්නේ ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...