සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට අදාළව 2023 දී ඇති වූ කෝලාහල අතරතුර ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට කටයුතු කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය විචාරකයින් කිහිප දෙනෙකුට පකිස්තානයේ අධිකරණයක් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.
ත්‍රස්ත විරෝධී අධිකරණ විනිසුරු තහීර් අබ්බාස් සිප්රා මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර අධිකරණ තීන්දුවට අනුව, වැරදිකරුවන් වූවන් අතරට හිටපු හමුදා නිලධාරීන් වූ යූ ටියුබ්කරුවන් වන ආදිල් රාජා සහ සයිඩ් අක්බර් හුසේන්; මාධ්‍යවේදීන් වන වජාහත් සයීඩ් ඛාන්, සබීර් ෂකීර් සහ ෂහීන් සෙබායි, විචාරක හයිඩර් රාසා මෙහ්ඩි සහ විශ්ලේෂක මොයිඩ් පිර්සාඩා ඇතුළත් වේ.
කෙසේ නමුත්, ඉහත විත්තිකරුවන් මේවන විට විදේශගතව ජීවත් වන බැවින් විත්තිකරුවන්ගෙන් කිසිවෙකු අධිකරණයට පැමිණ නොසිටි බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

