නිශ්මං රණසිංහ ජනවාරි 04, කොළඹ LNW
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මාධ්‍යවේදීන් ඉදිරියේ අදහස් දක්වමින් පළමු පෙළ තරග පැවත්වීම සඳහා ක්‍රීඩා පිටි සඳහා ඉඩක් පවතින බවත්,එසේම ජාත්‍යන්තර මට්ටමෙන් ක්‍රීඩා කළ හැකි මට්ටමට ක්‍රීඩාංගණ උසස් කිරීමේ අවශ්‍යයතාවයක් පවතින බවත් පෙන්වා දුන්නේය.ඊට හේතුව ඉන්දීය – පකිස්තාන අර්බූදය හමුවේ ශ්‍රී ලංකාවට ලැබෙන වාසිදායක තත්ත්වය බව ද ක්‍රිකට් සභාපතිවරයා පෙන්වා දුන්නේය.
දැන් එහි අළුත්ම තත්ත්වය බවට බංගලාදේශ – ඉන්දීය දේශපාලන අර්බූදය ද මතු වී ඇති අතර එහි ප්‍රතිපලයක් ලෙස අයිසීසී විස්සයි විස්ස ලෝක සූරතාවලියේ බංගලාදේශය සහභාගි වන,ඉන්දියාවේ පැවත්වීමට නියමිත තරග ශ්‍රී ලංකාවේ පවත්වන ලෙස ඉල්ලා ඇත. මෙම දේශපාලන විරසකභාවය ද කෙමෙන් වැඩෙමින් තිබෙන එකක් වන අතර ඉන්දීය සභාපතිවරයෙකු අයිසීසී ය නියෝජනය කළත්,අයිසීසී යට මේ ප්‍රශ්නයෙන් පහසුවෙන් ගැලවෙන්නට නොහැකි වනු ඇත.
මෙවර අයිපීඑල් තරගාවලිය සඳහා කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 9 කට මිලදී ගත් බංග්ලාදේශ ක්‍රීඩක මුස්ටෆිසුර් රෙහෙමාන්,මේ දේශපාලන අර්බූදය මත ඉන්දීය ක්‍රිකට් පාළක මණ්ඩලය විසින් ඉවත් කරන ලෙස නියෝග කිරීම සමඟ මෙම තත්ත්වය උදා වී ඇත.
ඒ අනුව බංගලාදේශය අයිසීසී වෙතින් ශ්‍රී ලංකාවේ තරග පැවත්වීම සඳහා ඉල්ලා සිටිමින් විමසන්නේ, ක්‍රීඩකයෙකුට ආරක්ෂාව දෙන බැරි රටක් කණ්ඩායමකට කෙසේ ආරක්ෂාවක් දෙන්නේ ද යන්නයි.කෙසේ වුවත් වානිජමය අර්ථයෙන් ගත් විට මෙම තත්ත්වය නිසා ඉදිරියේදී බංගලාදේශයේ ඇති විය හැකි තත්ත්වයන් තුළ බංගලාදේශය සහභාගි වන තරගවලදී ද තරග පවත්වන භූමියක් බවට ශ්‍රී ලංකාව පත්විමේ වාසිදායක් තත්ත්වයක් පෙනෙන්නට ඇත.
ඉන්දීය දේශපාලනයේ තිබෙන නරක තත්ත්වයන් මේ වන විට ඉන්දීය ක්‍රීඩකයින් හරහා ක්‍රීඩාව තුළට ගෙන එන්නට ඉන්දීය දේශපාලනය දරන උත්සාහය පිළිකුල් සහගත උත්සාහයකි.මේ තත්ත්වයන්ට එකඟ වෙමින් සිය නායකත්වය රැක ගැනීම වෙනුවෙන් නායක සූරියතුමාර් යාදෙව් හරහා ක්‍රීකට් පිටියේදී මේ අවලස්සන දේශපාලනය පිළිබිඹු කරන්නට ඉන්දීය දේශපාලකයන්ට හැකි විය.


