රේඩියෝ කතාවක්…

Date:

තාත්තා සතුව පොකට් රේඩියෝවක් තිබුණා.ගිය තැනකින් වරෙල්ලා පුංචි පුතා ඇවිල්ලා කියා මිල්ටන් මල්ලවාරච්චි පැණි කුරුල්ලන්ට – නිල්  කොබෙයියන්ට ගයද්දී ලියුම්කරු එකල සිතුවේ ඒ ‘පුංචි පුතා’ කියන්නේ තමා ගැන කියලයි.

ගෙදරට එන අමුත්තන් ඉදිරියේ ළමයින් ලව්වා විවිධ ප්‍රසංග පැවැත්වීම එකලත් සුලබයි. පුතා සින්දුවක් කියල පෙන්වන්න කියා ඉල්ලීම් කෙරෙන විට උපුල් නුවන් විදහා ඔබ සිනාසුණා කියා ගැයූ පැහිච්චකමට වගකියන්න ඕන අර කලින් කිව්ව පොකට් රේඩියෝව.

ලියුම්කරු සතු පලමු රේඩියෝ මතකයන් ඒ විදිහට සලකුණු වෙලා තියෙන්නේ පුංචිම කාලේ අඟුලානේදී.

පදිංචිය කොළඹ දිස්ත්‍රික්කයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට මාරුවුණාට පස්සේ, කිරිඅම්මලා අපුච්චලා මුවන්පැලැස්ස, මොණරතැන්න, ගජමුතු, සුගන්ධිකා, උන්මාද චිත්‍රා වගේ රේඩියෝ නාට්‍ය අහනවා මතකයි. නිම්මි අක්කලා මුළින් පාවිච්චි කරපු රේඩියෝ කැසට් රෙකෝඩරය පරිත්‍යාගයක් ලෙස අපේ ගෙදරට ලැබුණායින් පස්සෙ තමයි ලියුම්කරුගේ සැබෑ රේඩියෝ රසිකාගාරය විවෘත වුණේ.

ඊට පස්සේ….

Link එක –

රේඩියෝ කියන්නේ වෙන වැඩක්. වෙන රහක්. වෙන හීනයක්. වෙන ආශාවක්.

Radio K

අපගේ යූ ටියුබ් චැනලයේ සහෝදර චැනලයක් ලෙස radio K චැනලය අද සිට ආරම්භ වෙනවා. රේඩියෝ අද්දැකීමට කැමති අයට Radio K චැනලය subscribe කරන ලෙස ගෞරවයෙන් ඇරැයුම් කරනවා.

මෙතෙක් K tube ඔස්සේ ඇසූ අතට අහුවෙන මතක අද සිට Radio K වෙත මාරු වෙනවා.

ඊට අමතරව.. Audio books, ගුවන් විදුලි නාට්‍ය ආදී තවත් නැවුම් වැඩ පොකුරක් ඔබ වෙත ගෙනෙන්නට ඉදිරියේදී අප බලාපොරොත්තු වෙනවා.

නව යව්වනයකු සින්දු විඳින්න පටන් ගත්ත විදිහ ගැන කියැවෙන ප්‍රවේශයකින් Radio K පටන් ගන්නවා.

අහන්න..!

Radio K
හද අමතන හඬ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...