ඡන්දයක් තිබ්බොත් ආර්ථිකය බිංදුවටම වැටෙනවා – GNOA සභාපති

Date:

ප්‍රාදේශීය සභා වසමට අයත් ප්‍රදේශයේ කැළි කසළ ඉවත් කිරීම, මාර්ග නඩත්තුව වැනි යටිතල පහසුකම් සැලසීම පළාත් පාලන අයතනවලට පැවරී ඇති කාර්යයවේ. මේවා පවත්වාගෙන යෑමට පුංචි ඡන්දය පැවැත්වීම හෝ නොපැවැත්වීම බාධාවක් නොවේ. එහෙත් ඡන්දයක් පැවැත්වූවහොත් යළි ගොඩනැඟෙමින් තිබෙන ආර්ථිකය බිඳ වැටෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මෙසේ පෙන්වා දෙයි.

  • ප්‍රාදේශීය සභා නැහැයි කියලා රට නවතින්නේ නැහැ
  • ජන සභා තරුණ මතයට ඉඩ දීමක්
  • පළාත් පාලන මන්ත්‍රීන් ගණන අඩු කළ යුතුයි

ව්‍යවස්ථානුකූලව ලබන මාර්තුව වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්විමට නියමිතයි. රට මුහුණ දී සිටින සමාජ – දේශපාලන අර්බුදය අනුව මැතිවරණයක් පැවැත්විය යුතුද යන්න ගැන විවාදයක් ඇතිව තිබෙනවා. මේ ගැන සමන් රත්නප්‍රිය දැක්වූ අදහස්………….

මේ වන විට දේශපාලන පක්ෂ කිහිපයක් මැතිවරණයක අවශ්‍යතාව පෙන්වා දී තිබෙනවා. ව්‍යවස්ථානුකූලව නියමිත අවස්ථාවේදි මැතිවරණ පැවැත්විය යුතුයි. ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. පළාත් පාලන, පළාත් සභා එහෙම නැත්නම් මහ මැතිවරණ, ජනාධිපතිවරණ මේ කුමන මැතිවරණයක් වුවත් ව්‍යවස්ථානුකූලව නියමිත කාලයට පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කළ යුතුයි. ඡන්ද අයිතිය ජනතාවගේ මූලික අයිතියක්.

ඒ වුණත් මැතිවරණය මේ මොහොතේ රටට අත්‍යවශ්‍ය කාරණයක් ද යන්න විමසා බැලිය යුතුයි. මැතිවරණයකදි නිදහස් හා සාධාරණ වටාපිටාවක් පැවැතීම අත්‍යවශ්‍ය දෙයක්. මැතිවරණයකදි නිදහස්ව හා සාධාරණව ඡන්දය පවත්වන්න හැකි වටාපිටාවක් තිබිය යුතුයි. ඒ කියන්නේ දේශපාලන අවුල් සහගතභාවයක් නැත්නම්, මැතිවරණ ප්‍රචණ්ඩත්වය නැති සාමාන්‍ය වටපිටාවක් තිබිය යුතුයි. එහෙම තත්ත්වයක් නැත්නම් එතැන ප්‍රකාශ වෙන්නේ විකෘති තත්ත්වයක්. එහෙත් මේ වෙලාවේ මැතිවරණයක් තියන්න තරම් ප්‍රමාණවත් නිදහස් වටපිටාවක් හෝ ආර්ථික තත්ත්වයක් නැහැ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය